සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළං විදුලි බලාගාරයට එරෙහිව මන්නාරමේ විරෝධතා දැඩි වෙයි… දකුණේ සංවිධානත් විරෝධතාවටය එක් වෙති!

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරමේ ජනතා විරෝධය නොතකා සුළං බල විදුලි බලාගාරයක් ඉදි කිරීමට රජය ගෙන යන වැඩ පිළිවෙළට එරෙහිව මන්නාරමේ දිස්ත්‍රික් පුරවැසි කමිටුව විසින් දියත් කරණ ලද විරෝධතාවයට යාපනය ඇතුලු උතුරේ තවත් ප්‍රදේශ කීපයක ජනතා සංවිධානවල සහය මේ වන විට ලැබී තිබේ.

මෙම සංවිධාන අතරට දකුණේ සිංහල සංවිධාන කීපයක්ද එක්ව සිටින අතර ඔවුන් සියලු දෙනා සටන් පාඨ කියමින් මන්නාරම නගරය පුරා මේ වනවිට පෙළපාලි යාමට පටන් ගෙන තිබේ.

මෙම විරෝධතාවයට මීට දින කීපයකට ඉහතදී පොලීසිය ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පලකරමින් ඊයේ (29 ) මන්නාරම නගරයේ වෙළද සැල් වසා දමා තිබූ අතර පෞද්ගලික අංශයේ ගමනාගමන කටයුතුද නවතා දමා තිබුණි.

මන්නාරමේ සුළං බල විදුලි බලාගාරයක් ඉදි කිරීමට එරෙහිව විරෝධයක් දියත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා එය අතහැර දමන බව ප්‍රකාශ කළ අතර මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුව විසින් ගොනු කරණ ලද නඩුවකදී මාසයක කාලයකට එම සංවර්ධන කටයුත්ත නවතා දමන ලෙස අධිකරණ තීන්දුවක් ලැබුණු බවද මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ කියා සිටිති.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

නමුත් හදිසියේම යළිත් වරක් මන්නාරමේ එම ඉදි කිරීම් කටයුතු සඳහා යන්ත්‍ර ප්‍රවාහනය කිරීමේ ආරම්භ වී ඇති බව පෙන්වා දෙන මන්නාරමේ වැසියෝ ඊට එරෙහිව තම ජීවිත පරදුවට තබා කටයුතු කරණ බවද ප්‍රකාශ කොට සිටිති.

මන්නාරමේ ජනතාව එසේ කරන්නේ එම පළාත්වල ප්‍රධාන ජීවනෝපාය මාර්ග දෙකක් වන ධීවර කර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට මෙම සුළංබල විදුලි බලාගාර නිසා විශාල හානියක් සිදුවන නිසා බවද පෙන්වා දෙයි.

සුළංබල ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී ඒවායෙහි තටු වලින් නැගෙන හඩ නිසාත් අයහපත් තරංග නිසාත් මුහුදේ මසුන් වෙනත් මුහුදු කලාප වෙත යන බව මන්නාරමේ ධීවර සංගම් ප්‍රකාශ කරයි.

දැනට මන්නාරමේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත කොට ඇති එම ටර්බයින් යන්ත්‍රවලින් ඒ බව මනාව සනාථ වී ඇති බව පෙන්වා දෙන ඔවුන් එම ටර්බයින් නිසා භූගත ජල මට්ටම පහළ යාම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු වලට බාධාවක් එල්ල වී ඇති බවද සඳහන් කරයි.

‘’මන්නාරම බේරා ගනිමු’’ යන තේමාව යටතේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කිරීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු පැමිණ මන්නාරමේ එම බලාගාරය ඉදි කිරිම නවතා දමන නිසා විරෝධතාවය අත් හරින ලෙස කළ ඉල්ලිමක් මත පදනම්ව එම විරෝධතා සියල්ල මන්නාරමට පමණක් සීමා කොට අඛණ්ඩ විරෝධතාවයක් ලෙස පවත්වා ගෙන ගිය බවද මන්නාරමේ පුරවැසි කමිටුව කියා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් එතැනම මරුට… ප්‍රහාරයට ලක් වූ අනෙක් පුද්ගලයා ගැන කිසිම තොරතුරක් නෑ…

Next Post

මහවැලියේ උපදෙස් මත වට්ටක්කා වගා මහවැලියේ ගොවීන්ගේ අවනඩුව… පොරොන්දු වූ වතුර නෑ…. වගාව විනාසයි…

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.