සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුද්දන්ගේ සැඟවුන තිරිසනා එංලන්තයේ වීදි දිගේ හෙලිකොට්ටෙන් ඇවිදින හැටි!

by editor
අගෝස්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

එක්සත් රාජධානියත් ගිනි ගෙනය. සමාජ මධ්‍ය ඔස්සේ පතුරුවාහරින වෛරී හැඟීම් සහිත සාවද්‍ය ප්‍රකාශ මෑත කාලයේ බිහිසුණුම විරෝධතා අවුලුවා තිබේ. බ්‍රිතාන්‍ය සුදු මිනිස්සු දහස් ගණනින් වීදි බැස සිටිති. ගිනි තබමින් ප්‍රචණ්ඩත්වය අවුලුවමින් සිටිති. වැරදි තොරතුරු සහ සංක්‍රමණ විරෝධී හැඟීම් මගින් අවුලුවන ලද නොසන්සුන්තාව මේ වනවිට රොදර්හැම් සහ මැන්චෙස්ටර් ඇතුළු නගර කිහිපයක පැතිරී ඇත. සමාජ මාධ්‍ය ජලා හරහා එක්වී සංවිධානය කරන විරෝධතා රැල්ල විනාශකාරී ගං වතුරක් සේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර ජනපද වසා පැතිර යන ලකුණු පහළ වෙමින් ඇති බව එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් සම්මේලනයේ ටිෆනි ලින්ච් පවසා තිබිණි.

සිද්ධියට මුල පසුගිය දා සවුත්පෝට් හි සිදුවූ මහා පිහි ඇනුමය. පසුගිය සඳුදා, සවුත්පෝර්ට්හි නැටුම් පන්තියකදී එල්ල වූ පිහි ප්‍රහාරයකින් නව හැවිරිදි ඇලිස් ද සිල්වා ඇගුයාර්, හය හැවිරිදි බෙබේ කිං සහ හත් හැවිරිදි එල්සි ඩොට් ස්ටැන්කොම්බ් නැමැති දැරියෝ මිය ගියහ. එය ලෝකමය කම්පා කළ ඛේදවාචකයක් වූයේය.

ඝාතනය වූ දැරියන් තිදෙනා…

එම පිහි ඇනුම සිදුකරන්නේ 17 වියැති මුස්ලිම් ජාතික සංක්‍රමණික තරුණයෙක් විසිනි. බිහිසුණු අපරාධය එකකි. ඊටත් වඩා බිහිසුණු ලෙස අපරාධය අර්තකථනය වීම වැඩාත්ම බිහිසුණු අපරාධයකි. මිනී මැරුමේ සැකකරු වූ ඇක්සෙල් රුදකුබානා නමැති සැකකරුගේ පසුබිම පිළිබඳ අසත්‍ය කටකතා පැතිරීම හේතුවෙන් විරෝධතා උත්සන්න විය. කටකතා පැතිර ගියේ ඔහු සංක්‍රමණික මුස්ලිම් තරුණයෙක් බවය. ඒ තොරතුරු අන්ත දක්ෂිණාංශික ආධාරකරුවන් අතර කෝපයක් ඇති කළේය.

රුදකබානා මුස්ලිම් ජාතික තරුණයෙක් බව සැබෑය. නමුත් ඔහු රුවන්ඩා ජාතික සිය දෙමව්පියන්ට දාව ඉපදුනේ වේල්සයේ ය. ඔහුගේ මව්පියන් සංක්‍රමණිකයන් බව සැබෑය. නමුත් ඒ දශක දෙකකට පෙරය.

මුස්ලිම් විරෝධයක් අවුලුවමින් අවිචාරවත්ව ඇවිලවූ ගින්න තව තවත් දළු දැමුවේ වැරදි වෛරී තොරතුරුම සමාජ ගත වීම නිසාය. ඒ වැරදි තොරතුරු මගින් අවුලුවන ලද ප්‍රචණ්ඩත්වය, විවිධ නගර පුරා පැතිරී යමින් තිබේ. කැරළිකරුවෝ පොලිසිය සමඟ ගැටෙති. ප්‍රතිඵලය සැලකිය යුතු නොසන්සුන්තාවයකි. ජය පවසන්නේ අන්ත දක්ෂිනාංශික කන්ඩායම් ඔවුන්ගේ සංක්‍රමණ විරෝධී පණිවිඩය විස්තාරනය කිරීම සඳහා පිහි ඇනුම ප්‍රයෝජනයට ගෙන ඇති බවය. “ඇති ඇති” සහ “බෝට්ටු නවත්වන්න” වැනි සටන් පාඨ ප්‍රකාශ වෙමින් තිබේ. අන්තර්ජාලය හරහා පෙළපාලි සංවිධානය කරමින් එම කණ්ඩායම් විරෝධතා යාවත්කාලීන කිරිමට උත්සාහ කරති.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඝාතනයට සැක කරන ඇක්සෙල් රුදකුබානා

ටොමී රොබින්සන් ලෙස හැඳින්වෙන ස්ටීවන් යාක්ස්ලි-ලෙනන් මෙම විරෝධතාවල ප්‍රධාන චරිතයක් වී ඇත. ඉංග්‍රීසි ආරක්ෂක ලීගයේ (EDL) හිටපු නායකයෙකු වන රොබින්සන්ට නීතිමය ගැටලු පිළිබඳ ඉතිහාසයක් තිබේ. ඔහු සමාජ මාධ්‍ය හරහා අන්ත දක්ෂිනාංශික ක්‍රියාකාරීත්වයට දිගටම බලපෑම් කරන්නෙකි.

මේ තත්ත්වය එක්සත් ජනපදයේ ශිෂ්ඨාචාරවත් යැයි නම් කළ මිනිස්සුන්ගේ සැඟවී ඇත අපරිනාමී තිරිසනා මතු කර පෙන්වා ඇත. ශිෂ්ඨාචාරයේ මුල් අවධයට සංසකෘතික සමාජය ඇදගෙන ගොස් වළ දමන හෙළිදරව්වක් කරමින්
උපායමාර්ගික සංවාදය සඳහා වූ ආයතනයේ (ISD) පර්යේෂකයෙක් වූ ජේකබ් ඩේවි හෙළි කරන්නේ , “එක්සත් රාජධානිය තුළ වඩාත් පැතිරි ගිය අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයකට නතු වෙමින් ඇති බවය. නව නාසි ව්‍යාපාරයක් තුළ අන්ත දක්ෂිනාංශික වියරුව ව්‍යසනකාරී අන්තයක් කරා ගමන් කරන බවය. මේ අතර තත්වය පාලනය කිරීමට බලධාරීන් වෙහෙසෙමින් ඇත.

ප්‍රචණ්ඩත්වය පුපුරා යෑම

ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ වෙස් මුහුණු පැළඳගත් සංක්‍රමණ විරෝධී පෙලපාලිකරුවන් රොදර්හැම් හි සරණාගතයින් නවාතැන් ගත් හෝටලයකට පහර දීමත් සමඟ ය. ලිවර්පූල්, මැන්චෙස්ටර් සහ බ්‍රිස්ටල්හි අන්ත දක්ෂිණාංශික විරෝධතාවලදී ද ගැටුම් ඇති විය. කැරලිකරුවන් පොලිසිය සමඟ ගැටුනේය. ගඩොල් සහ බෝතල් ප්‍රහාර පොලිසියට එල්ල විය. අනතුරුව මේ පිරිස් කඩ, සාප්පු කොල්ලකෑහ.

කැරලිවලට රජය සාධනීය ප්‍රතිචාර දක්වමින් ඇත. ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා අමතර නිලධාරීන් දහස් ගණනක් රැස් කර ඇත. ඒ සඳහා පොලිසියට අවශ්‍ය සියලු සම්පත් ඇති බවට රජය සහතික වී තිබේ.

පවතින ප්‍රචණ්ඩත්වය අගමැති කීර් ස්ටාමර්ට සැලකිය යුතු අභියෝගයක් ඉදිරිපත් ඇත. ඔහු නොසන්සුන්තාව “අන්ත දක්ෂිනාංශික මැරකම්” ලෙස හෙළා දැක තිබේ. ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යෙදවීමට රජය පියවර ගෙන ඇත.

ප්‍රචණ්ඩකාරීන් තවදුරටත් කැරලි ගැසීමට සැරසෙන බැවින් එංගලන්ත බලධාරීන් සීරුවෙන් සිටී. වැරදි තොරතුරු ලෝකය ගිනි තබන ආකාරය සමාජ මාධ්‍ය නියාමනයට ලෝකය සැරසෙද්දී මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරිමක් ලෙස සලකා ඊට මැදිහත්වන මහා බ්‍රිතාන්‍යයටම අත් විඳින්නට වීම දෛවෝපගතය.

පුදුමය නම් උන් හිතන්නේ උන් පුදුමාකාර ශිෂ්ඨ සම්පන්න සකල විභූෂිත ජාතියක් බවය.  උන් ලෝකයේ බොහෝ නොදියුණු යැයි උන් විසින්ම හඳුන්වා දුන් ජාතීන්වලට වඩා උන් ගෝත්‍රික සහ අමානුෂික බවය.

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරි හිරවී මිය ගිය ගිය බව කී දින 45ක ළදරුවා මරා දමා ඇත්තේ ඔහුගේ අම්මා… අත පයත් කඩලා… පහර දීමෙන් ඔළුවෙත් තුවාල!

Next Post

බංගලාදේශ අගමැතිනිය ඉල්ලා අස් වෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.