කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස අද (26) මීට සුළු වෙලාවකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබේ.
ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.
පොහොට්ටුවේ අපේක්ෂකයා වීම සඳහා අවසාන මොහොත වෙනකම් බලාපොරොත්තු සහිත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම උත්සාහ අත් හැර මෙසේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව අද ගැසට් මගින් ප්‍රකාශ කළේය.
ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු වන අවස්ථාවක රුපියල් 75 000ක මුදලක් ද ඇප ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිසම නිවේදනයකර තිබිණි.







