අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගැනීමේ චෝදනාවට කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නැමැත්තාව නැවතත් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම බන්ධනාගාර ගතව සිටි පියල් මනම්පේරි යන සැකකරුවද එළැඹෙන ජනවාරි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර ඇත.
සැකකරුවන් අද (24) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු විසින් මෙම නියෝග ලබා දී තිබුණි.







