බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම හෙළා දකිමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනපතිට ලියති!

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.

රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පරිපාලනයෙහිලා යමෙක් උත්සහ දරන්නෙ නම් එය රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජය බිඳ වැටීමට හේතුවන්නක් බවද උන්වහන්සේලා පවසති.

LGBTQ

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම එවන් බරපතළ සාරධර්මමය ආරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමු.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

සමාජ සංස්ථාවන්ගේ කාර්යභාරය මෙන්ම මෙරට සාරධර්මමය අනන්‍යතාව පිළිබඳ නොසලකා හරිමින් ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතා පූර්ණය කර ගැනීමේ පටු පරමාර්ථ පෙරදැරිව නීති හා චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කිරීම පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපගේ බරපතළ අප්‍රසාදය පලකර සිටිමු.

හිංසනය පිටුදැක ශික්ෂණයට මුල්තැනක් දීමේ පරමාර්ථයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා යෝජිත සංශෝධන හඳුන්වා දෙන බවට සඳහන් කළද මෙවැනි අදූරදර්ශි නීති මගින් සිදුවනුයේ ශික්ෂණයෙන් තොර ආචාරධර්ම පද්ධතියකට යටත් නොවන සමාජ සංස්ථා හා සමාජ වටිනාකම් වලට ගරු නොකරන නොහික්මුණු තරුණ පරපුරක් බිහි කිරීමය. සමාජ යහපැවැත්ම මෙන්ම පුද්ගල ආරක්ෂාව මත පදනම්ව නීති සකස් කිරීම හා ක්‍රියාත්මක වීම සිදුකළ යුතුය. එසේම යම් ක්‍රියාවක් සිදු කිරීමේ චේතනාව එම ක්‍රියාවේ සද්භාවය තීරණය කිරීමෙහිලා මූලික වන බව බුදු දහමේ මෙන්ම නීතියේ ද මූලික සංකල්පයකි. ස්වකීය දරුවා ශික්ෂණය කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන දෙමාපියන් මෙන්ම ගුණධර්මයන්ගෙන් පෝෂිත නිසි විනයක් සහිත දරු පරපුරක් බිහි කිරීමට කටයුතු කරන ගුරුවරුන්ගේ භූමිකාව ද මේ තුළින් දැඩි අවමානයකට ලක්කර ඇත.

ළමා හිංසනය මෙන්ම අත්තනෝමතික ලෙස ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහය තුළ අඩංගු වන පසුබිමක අත්තනෝමතික ලෙස සිදු කරන මෙම නීති සංශෝධන මෙරට පවතින ඓතිහාසික සභ්‍යත්වයේ හා ඓතිහාසික අධ්‍යාපන සංස්කෘතියේ න්‍යෂ්ඨිය බිඳ දමමින් දෙමව්පියන් හා දරුවන් අතර මෙන්ම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පවතින අන්‍යෙයෝන්‍ය සම්බන්ධය, අවබෝධය හා සුහඳතාව විනාශ කිරීමේ ආරම්භය බව අප සැවොම අවබෝධ කරගත යුතු කරුණකි.

එහෙත් සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතතාවක් නිර්මාණය වීමට මෙන්ම සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වීමට හේතුවන මව,පියා,ගුරුවරයා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහානියට හේතුවන බව මහජන නියෝජිතයින් අවබෝධ කර නොගැනීම වර්තමාන ශ්‍රීලංකේය දේශපාලන ප්‍රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප්‍රදර්ශනය කරයි.

එසේම අධම්මරාගය හෙවත් මව,පියා,සහෝදරයා,සහෝදරිය ආදි බැඳීම් හා ඥාති සම්බන්ධතාවන් නොසලකා තිරිසන් සතුන් මෙන් ලිංගික ප්‍රීණනය සඳහා පුද්ගලයා යොමු කරවීමත් මිච්ඡාධම්ම හෙවත් සමලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම මගින් පුද්ගලයාගේ ආයුෂය හා වර්ණය පරිහානියට පත්වන ආකාරය මෙන්ම එය සමාජ බිඳ වැටීමට හේතුවන ආකාරයත් චක්කවත්තී සීහනාද සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත.

ආර්ථික සංවර්ධනයට මුවාවෙමින් සදාචාර විරෝධී ක්‍ර මෝපායන් ප්‍රවර්ධනය කිරීම රටක අරාජිකත්වය උදෙසා හේතුවන අදූරදර්ශි ක්‍රියාවක් බවත් එවැනි ක්‍රියාවන්ගෙන් වැලකී මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් මත පිහිටා සදාචාර හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් තිරසර සංවර්ධනයකට යොමු වීමට රජය අවධානය යොමුකළ යුතු බවත් එසේ නොවන්නේම නම් මෙම අප්‍රතිකාරි සංශෝධනයන් සම්බන්ධ මහජන විරෝධයේ දැඩි ප්‍රතිවිපාක විඳීමට රජයට සිදුවන බවත් අවධාරණය කරමු.බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප්‍රකාශ කරන ගරු ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර මෙම අප්‍රතිකාරී සදාචාර විරෝධී ක්‍රියා වැලැක්වීමට අවශ්‍යය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සූරියවැව වන අලි ප්‍රහාරය – වන අලියා පන්නාගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ මළ සිරුරත් වනය තුළ දී හමුවෙයි! වන අලි ප්‍රහාරයෙන් මරණ දෙකයි…

Next Post

තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර කජ්ජාත් ඉඳලා…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.