බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක වීසා මත රටට පැමිණ ගණිකා මඩම්වල, ස්පාවල වැඩ කරන විදේශික කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වෙලා… අගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්!

by editor
ජූලි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක වීසා මත රට තුළට ඇතුළුවන විදේශීය ජාතික කාන්තාවන් සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, ස්පා ආයතනවල නීති විරෝධී වෘත්තීන්වල යෙදීම ඉතා මෑත කාලය තුළ දී කැපී පෙනෙන ලෙස වැඩිවෙමින් පවතින බවට ශ්‍රි ලංකා ආගමන විගමන බලධාරීහු අනතුරු අඟවා සිටිති.

උදාහරණ ලෙස එම බලධාරීන් පෙන්වා දෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සඳුදා (ජූලි 14) කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් සිදුවීමය.

අත් අඩංගුවට පත් වයස අවුරුදු 25 ත් 39 ත් අතර කාන්තාවන් අතර තායි ජාතික කාන්තාවන් හය දෙනෙකු, වියට්නාම ජාතික කාන්තාවන් තිදෙනෙකු සහ චීන ජාතික කාන්තාවක ද ඇතුළත් වේ.

ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති අතර, සිව් දෙනෙකු ඔවුන්ගේ අවසර ලත් රැඳී සිටීමේ කාලය ද ඉක්මවා රැඳී සිටි බව සොයා අනාවරණය කරගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු පැවසුවේ, නාගරික ස්ථාන කිහිපයක විදේශීය ජාතිකයන් සම්බන්ධ සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මත ආගමන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව උක්ත වැටලීම සිදු කළ බවයි.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

“මෙම පුද්ගලයින් පැහැදිලිවම ඔවුන්ගේ වීසා කොන්දේසි උල්ලංඝනය කර තිබෙනවා. සමහරු සීමාව ඉක්මවා රැඳී ඉඳලා. අනෙක් අය නීති විරෝධී ලෙස වෘත්තීන්වල යෙදිලා. ඔවුන් රැකියා කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ස්පා සහ රටේ නීතියෙන් කිසිම ඉඩක් නැති ගණිකා මඩම්වල ” නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දැනට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඉක්මනින් පිටුවහල් කරනු ලබන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වීසා කොන්දේසි උල්ලංඝනය කරන අනවසර ව්‍යාපාරවල නියැලී සිටින විදේශිකයන් හඳුනා ගැනීම සඳහා වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත්, ඒ අනුව, බස්නාහිර පළාතේ මෙන්ම යාපනය ඇතුළු ද උතුරේ සහ දකුළු ප්‍රදේශවලත් වැටලීම් සිදු සිදුකරන බව එම දෙපාර්තමේන්තුව දන්වයි.

වීසා රෙගුලාසි උල්ලංඝනය කරන විදේශීය ජාතිකයන්ට මෙන්ම ඔවුන්ට සහාය වන අයටත් බරපතල නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අගාමන හා විගමන දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ආරක්ෂාව මැද සිටි වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි පිට වෙඩි…

Next Post

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි… විභාග දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.