ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (13) අභියාචනධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මෙම දැනුම්දීම සිදුකළේය.
ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.
මේ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේ හරීන් ප්‍රනාන්දුගේ තීරණය ආණඩුව වංචාව හා දූෂණය ස්වකීය ප්‍රතිපත්තිය කර පිළිගත් බවට සාධකයක් වූ බව පෙන්වා දුන්නේය.







