ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් කළ ඉල්ලීමකට අනුව පොලිස් කොමිසම විසින් මෙ අනුමැතිය ලබා දී ඇත. ඊට අදාල ලිපිය අද පොලිස් මූලස්ථානය වෙත පොලිස් කොමිසම විසින් යොමු කර ඇත.
ශානි අබේසේකර මෙතෙක් කටයුතු කළේ පොලිස් මධ්‍යම අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙසය.







