සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලි පරායෙන් පසු බංගලි නායක ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වෙන්නේ බංගලි ක්‍රිකට් අර්බුදය පිපිරීමක් ලෙස ද?

by editor
ජූනි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද ශ්‍රී ලංකාව හමුවේ ලැබූ 1-0 ක තරගාවලිය පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඉල්ලා අස්වුනේය

“මට නිවේදනයක් කිරීමට තිබෙනවා,” බංග්ලාදේශය ඉනිමකින් සහ ලකුණු 78 කින් පරාජයට පත් වීමෙන් පසු ෂැන්ටෝ වාර්තාකරුවන්ට පැවසීය. “මම බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙනවා. මට මේ ආකෘතියේ නායකයා ලෙස දිගටම කටයුතු කිරීමට අවශ්‍ය නැහැ, හැමෝටම පැහැදිලි පණිවිඩයක් දෙන්න මම කැමතියි. මේක පෞද්ගලික කාරණයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා ගත්තු තීරණයක්, මෙය කණ්ඩායමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා. බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට හැඟෙන්නේ නම්, ඔවුන් ආකෘති තුනකින් නායකයින් තිදෙනෙකු සමඟ ඉදිරියට යනු ඇති. එය ඔවුන්ගේ තීරණය වනු ඇත.”

මෙම ප්‍රකාශය කිරිමෙන් අනතුරුව ෂැන්ටෝගේ තීරණය ගැන තමන් පුදුමයට පත් වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

“අපි මේ කාරණය ගැන කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් සිටියත්, ඔහු අද එය නිවේදනය කරයි කියලා මම හිතුවේ නැහැ,” බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මෙහෙයුම් සභාපති නස්මුල් අබදීන් ෆාහිම් පැවසීය.

“මෙය සිදු නොවූවා නම් හොඳයි – ඔහු සාර්ථක නායකයෙකු වූ නිසා පමණක් නොවෙයි. ඔහුගේ නායකත්ව ගුණාංග මම ඉතා සමීපව දැක ඇති නිසා…. ඔහු නායකයෙකු ලෙස හොඳින් කටයුතු කර තිබෙනවා. ඔහු හොඳ නායකයෙකි. ඔහු දිගටම සිටියා නම්, එය අපට ඉතා හොඳ වනු ඇති. නමුත් ඔහු මෙම තීරණය ගෙන ඇති නිසා මා එයට ගරු කරනවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ෂැන්ටෝ බංග්ලාදේශයේ සියලු ක්‍රිකට් ආකෘතිවල නායකයා ලෙස කටයුතු කලේය. නමුත් මෙම වසර මුලදී, විස්සයි20 භූමිකාවෙන් ඔහු ඉවත් විය. ඉන්පසු, කණ්ඩායම ශ්‍රී ලංකාවට යාමට පෙර පැවති මාධ්‍ය හමුවකදී, දිගුකාලීන එක්දින නායකයෙකු සිටීමේ වැදගත්කම ෂැන්ටෝ විසින් ඉස්මතු කළේය. මෙම මාධ්‍ය හමුව පැවැත්වූ දිනයේම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් අතර රැස්වීමක් කැඳවිනි. අනතුරුව ෂැන්ටෝ එක්දින නායක ධුරයෙන් ඉවත් කර ඔහු වෙනුවට එම වගකීම මෙහෙඩි හසන් මිරාස් වෙත ලබා දුන්නේය. මෙම සිදුවීම් පෙළ ගැස්ම ෂැන්ටෝ කෝපයට පත් කරවූ බවත්, නමුත් ඔහු මේ කාරණය පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටි බවත් වාර්තා විය.

අද ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ෂැන්ටේ මේ සියලු අර්බුද සහිත පරිසරය විස්තර කරමින් මෙසේ කීවේය. “මම බලාපොරොත්තු වෙනවා මිනිස්සු මේක පුද්ගලික ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැතුව ඇති කියලා. මා එක් දින නායකත්වයෙන් ඉවත් කිරීම නිසා මා මේ තීරණය ගන්නට ඇතැයි කියලා ප්‍රේක්ෂකයින් කල්පනා නොකරනු ඇතැයි මම දැඩි ලෙස විශ්වාස කරනවා. මම නැවතත් පැහැදිලි කරන්න කැමතියි. මා මේ තීන්දුව ගත්තේ කණ්ඩායමේ දියුණුව සඳහා. මෙහි පෞද්ගලික දෙයක් නැහැ. මම මීට දින කිහිපයකට පෙර පාලක මණ්ඩලයට මේ තීරණය මා දැනුම් දුන්නා. ”

ෂැන්ටෝ යටතේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 14න් බංග්ලාදේශය තරග හතරක් ජයග්‍රහණය කළේය. ඔවුන් 2023 නොවැම්බර් මාසයේදී සිල්හෙට්හිදී නවසීලන්තය පරාජය කළේය. 2024 අගෝස්තු මාසයේදී පාකිස්තානයට එරෙහිව තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කරනු ලැබුවේය. ශ්‍රී ලංකාවේදී, ෂැන්ටෝ ටෙස්ට් තරගයකදී ඉනිම දෙකේම ශතක දෙකක් ලබා ගත් පළමු බංග්ලාදේශ නායකයා බවට පත්විය. කණ්ඩායම මෙහෙයවන කාලය තුළ ඔහු 36.24 ක සාමාන්‍යයක් පවත්වාගෙන ගියේය. එතෙක් ඔහු පවත්වාගෙන ගොස් තිබුණේ 29.83ක සාමාන්‍යයක් වීමද කැපී පෙනුනේය.

ෂකිබ් අල් හසන්ට තුවාල වීමෙන් පසු 2023 නොවැම්බර් මාසයේදී ෂැන්ටෝ ප්‍රථම වරට අන්තර්කාලීන කටයුතු කරනු ලැබුවේය. 2024 මුල් භාගයේදී බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මාස 12ක් සඳහා ඔහුට සියලුම ක්‍රිකට් ආකෘතිවල පූර්ණ කාලීන නායකයා ලෙස පත් කළේය.

ඔක්තෝබර් මාසය වන තෙක් බංග්ලාදේශය නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැත. ඔක්තොම්බරයේ දී ඔවුන් අයර්ලන්තයට සත්කාරකත්වය සපයන බැවින්, ඔවුන්ගේ නව නායකයා කවුරුන්ද යන්න සොයා ගැනීමට ක්‍රිකට් පාලක මණ්ඩලයට යම් කාලයක් ලැබේ. මෙහිඩි හසන් බංගලාදේශෂයේ එක්දින තරග නායකයා ය. ලිටන් දාස් විස්සයි20 ආකෘතියේ නායකයා ය. ටෙස්ට් නායකත්වය සඳහා ඔවුන්ගෙන් එක් අයෙකු තෝරා ගැනීමට ඉඩ තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය දැනුවත් කරයි!

Next Post

ශානි CID අධ්‍යක්ෂවරයා ලෙස පත් කරයි… අනුමැතිය දුන් ලිපිය පොලිස් කොමිසමෙන් පොලිස් මූලස්ථානයට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.