වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව අතිශය වැදගත් පියවරක් ලෙස “සංවර්ධනය සඳහාවන සෞදි අරමුදල” සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම අද (14) කොළඹදී සිදු විය.
ශ්‍රී ලංකාව අද දින සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ එහි බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සෞදි රියාල් (SAR) 51,69,51,065.02 (පනස් එක් කෝටි හැට නව ලක්ෂ පනස් එක් දහස් හැට පහයි ශත දෙකක) මුළු ගිවිසුම්, සෞදි සංවර්ධන අරමුදල විසින් සපයනු ලබන ණය ප්‍රතිව්‍යුහගත කිරීම විධිමත් කරන බව රජයේ ආරංචි මාර්ග සනාථ කළේය.
මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සෞදි සංවර්ධන අරමුදලෙහි ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් ඒ අල්මර්ෂාඩ් අත්සන් තැබූහ.
ඔවුන්ගේ සංචාරය අතරතුර, සෞදි සංවර්ධන අරමුදල විසින් අරමුදල් සපයනු ලබන ‘වයඹ විශ්ව විද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය’ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයට ඉහළ මට්ටමේ සෞදි සංවර්ධන අරමුදල නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.







