ශ්රී ලංකා ක්රිකට් උපදේශක මහේල ජයවර්ධන හා ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි ලංකාසරට වාර්තා වේ.
ඔවුන් දෙදෙනා තම ඉල්ලා අස්වීමේ ලිපි මීට දින දෙක තුනකට පෙර භාර දී ඇතත් ඒ සඳහා ක්රිකට් ආයතනය තවමත් ප්රතිචාර දක්වා නොමැත.
එහෙත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සමග එයට සහභාගි වූ අනික් උපදේශක සනත් ජයසූරිය මෙතෙක් තම තනතුරෙන් ඉල්ලා අස්වු බවක් වාර්තා නොවේ.
මේ පිළිබඳ ඇසීමට සනත් ජයසූරිය ඇමතීමට අප කිහිප විටක්ම උත්සාහ දැරුවද ඔහු ප්රතිචාර නොදැක්වීය.
මේ දිනවල ප්රසිද්ධ ප්රකාශ නිකුත් කිරීමෙන් වළකින මෙන් ඔහුට ජ්යෝතිර්ෂ උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.