සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාන්තාව කළ දූෂණ අපරාධය ගැන සෞඛ්‍ය ඇමති පැහැදිලි කරයි…

by editor
ජූනි 25, 2025
in පුවත්
Maheshi-Wijerathna
Share on FacebookShare on Twitter
  • පැරණි ක්‍රමය පවත්වාගෙන යන්න කිසිම විශේෂඥ වෛද්‍යවරයෙකුට බාධාවක් නෑ… සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න ඔබ සද්භාවයෙන් තෝරණ ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යන්න… ඇමතිවරයා ගෙන් විශේෂඥ වෛද්‍යවරුන්ට ඉල්ලිමක්!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය කාන්තාව විසින් සිදුකළ අපරාධය පිළිබඳව අද කැබිනට් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රෝහල්වලට ඖෂධ සපයා ගැනීමේ දී සෞඛ්‍ය පද්ධතිය නොබිඳී පවත්වා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදයට කිසිම බාධාවක් කිරීමට අපේක්ෂා නොකරන බවත්, සද් භාවයෙන් තමන් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය කිසිම සැකයකින් සහ බියකින් තොරව පවත්වාගෙන යන ලෙසත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කාන්තාවගේ දූෂිත සිද්ධිය උලුප්පා ගනිමින් දේශපාලනය සහ ඖෂධ මාෆියාව පසුපස සිටින ඉතාම සුළුතරයක් සෞඛ්‍ය පද්ධතියේ ගොඩනැගී ඇති ස්ථාවරය බිඳ දැමීමට කටයුතු කරන බව අනාවරණය කළේය.

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය කාන්තාව දූෂණය නැමැති වරද සිදුකළ ආකාරය සම්බන්ධව ඇමතිවරයා පැහැදිළි කළේ මේ ආකාරයටය.

සාමාන්‍යයෙන් රෝහලට ඖෂධ සපයන ක්‍රම තුනක් තියනවා. එකක් තමයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඒ අයගේ රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ලයිස්තුවක් සකස් කරනවා. ඒ ඖෂධ ලයිස්තුව අනුව තමයි   සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් අංශය හරහා රෝහල් ලබා දෙන ඖෂධ වර්ග 862ක ලයිස්තුවක් අප ලඟ තියෙන්නේ.

එවැනි ඖෂධ වර්ග 62කුත්, ශල්‍ය උපකරණ 12467කුත් ගෙන්වනවා. මේ ලයිස්තුව සකස් කරන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය වුනාට ඒ සඳහා නිර්දේශ ලබා ගන්නේ රෝහල්වල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඖෂධ වර්ග 862න් ඖෂධ සංස්ථාව 432ක් සඳහා ටෙන්ඩර් කරනවා. ශල්‍ය උපකරණවලින් 5906ක් සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කරනව.ා

මේ ඖෂධ සැපයීමේ දී විටින් විට බාධා වෙන්න පුලුවන්. ඒක සැපයීම

දෙවැනි කාරණය වෛද්‍ය සැපයුම් අංශය හරහා මේ ඖෂධ ප්‍රසම්පාදනයේ දි යම් ප්‍රමාදයක් ඇතිවිය හැකියි. ඒ වගේ වෙලාවක ප්‍රාදේශීය ඒ සෞඛ්‍ය ප්‍රධානීන්ට ඖෂධ හා ශල්‍ය උපකරණ සපයා ගැනීමේ ක්‍රමවේදයක් තියනවා.

ඒ අනුව මෙවැනි අර්බුදයක් එනවා කියලා දැනගත්තොත් ඒ අයට පුලුවන් ක්‍රමවේදයක් හදා ගන්න. විශේෂඥ වෛද්‍යවරයාගේ ඉල්ලීම පිට ඖෂධ වේදියා කරනු ලබන ඉල්ලීමට රෝහල් අධ්‍යක්ෂවරයාට අත්සන් කරලා වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කළ හැකියි.

වෛද්‍ය සැපයුම් අංශය දින දෙකක් ඇතුළත මේකට නිර්දේශය දෙනවා. මධ්‍යම ගබඩාවේ මේක තියනවා ද නැතිනම් දින දෙකක් ඇතුළත මේ ඖෂධය සපයා ගන්න පුලුවන් ද කියන කාරනාව

ඒක නැතිනම් සාමාන්‍ය වෙළෙඳපලෙන් එම ඖෂධය ගන්න අනුමැතිය දෙනවා. මුලු ක්‍රියාවලියට දින 5ක් යන්නෙ නෑ. පහුගිය අය වැයේ කෝටි 3500ක් වෙන් කළා ලෝකල් පර්චසින් සඳහා… මේ ක්‍රම දෙකම පවතින ක්‍රමවේදයන්.

මේ දෙකෙන්ම පරිබාහිරව රෝහලේ ඖෂධය නැතිනම්, එහෙම නැතිනම් විශේෂඥ වෛද්‍යවරයාගේ පලපුරුද්ද මත ඔහු හිතනවා නම් වෙනත් ඖධයක් රෝගියාට ලබාදීම සිදුසුයි කියලා එම විශේෂඥ වෛද්‍යවරයාට පුලුවන් ඒ රෝගියාගේ ඥාතීන්ට කියලා රෝගියාට මෙම ඖෂධය ලබා දෙන්න කියලා. ඒක හරියට රෝහලට ලැබෙන පරිත්‍යාග වගේ දෙයක්. එහෙම ක්‍රමයක් සුළු මට්ටිමින් ක්‍රියාත්මක වුනා.

බොහෝ විට ශල්‍ය උපකරණවලදි තමයි මේ ප්‍රශ්නය මතුවුනේ. ඒ ශල්‍ය උපකරණවලදී මේ රජය ලබා දෙන සමහර උපකරණවල තියෙන්නේ පොදු අවශ්‍යතාවය. යම් රෝගියෙකුට එම ගෙනෙන උපකරණයට වඩා යම් වෙනසක් තියන ශල්‍ය උපකරනයක් අවශ්‍ය වෙන්න පුලුවන්. ඒක රෝහලට ලබා දීලා තියන එකෙන් කරගන්න බැරිනම් අදාල විශේෂඥ වෛද්‍යවරයා කියනවා මේ උපකරණය එහෙනම් අපට අරගෙන දෙන්න කියලා. ඒක අපට වළක්වන්න බෑ. අනිත් එක මේ ලබා දෙන ඉල්ලීම් කරන සියලුම ඖෂධ සහ ශල්‍ය  උපකරණ ලබා දෙන්නත් රජයට බෑ. මේ දෙන්නේ බහුතර ප්‍රමාණයක් භාවිතා කරන සුලබවම අවශ්‍යවන ඖෂධ සඳහා තමයි රජය ඇත්තටම මුදල් වෙන් කරන්නේ.

ඉතින් ඒ ක්‍රමයත් මෙච්චර කාලයක් ප්‍රශ්නයක් නැතිව කරගෙන ආවා. විශේෂඥ වෛද්‍යවරයා චිට් එක ලබා දුන්නම ෆාමසියකින් ගන්න පුලුවන්. රෝගියාගෙ ඥාතීන්ට පුලුවන් ඇවිදලා අඩුම ගණන් තියන තැනින් ගන්න. නැතිනම් ඇහුවොත් එහෙම මේ ශල්‍ය උපකරණය ගන්න පුලුවන් කොතැනින්ද කියලා ඕන නම් වෛද්‍යවරයා කියයි මේක අහවල් ෆාමසියේ තියනවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ.

නමුත් ප්‍රශ්නය පැන නගින්නේ රෝහලේ තිබෙන හෝ නැති ශල්‍ය උපකරණයක් අහවල් ෆාමසියෙන්ම ගන්න කියනවා. ඒ ෆාමසියේ අලෙවි කරනවා සාමාන්‍ය වෙළෙඳපලේ ගන්න මිලට වඩා තුන් හතර ගුණයක වැඩි මිලට. ඒක වංචාවක්.

වෙළෙඳපලේ ඉල්ලුම සැපයුම අනුව ඕනෑම කෙනෙකුට ගිහින් මිල අඩු තැනින් ගන්න පුලුවන්. නමුත් යම් කෙනෙක් කියනවා නම් අහවල් තැනින් ගන්න කියලා සාමාන්‍ය වෙළෙඳපලට වඩා හතර පස් ගුණයක මිල වැඩි නම් එතන ප්‍රශ්නයක් තියනවා. පරීක්ෂණය සිදුවන්නේ එවැනි සිදුවීමක් හෝ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන්.

අපි දන්නවා ඖෂධ සමාගම් ලාභයක් තියා ගන්නවා. කමක් නෑ කියමුකෝ ඒ වැඩ කරන අයගේ පඩිනඩි ගෙවාගෙන, පිරිවැයක් දරාගෙන කරපු ආයෝජනයක් සඳහා ලාභයක් අවශ්‍යයයි. ඒ ආකාරයෙන් සමාගමක් විසින් වෙළෙඳපලට ගෙනෙන ඖෂධයක මිලට වඩා හතරපස් ගුණයකින් වැඩිය අතරමැදියෙක් වශයෙන් රෝගයෙකුට ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් විකුණනවා නම් එතන වංචාවක් තියනවා.

මෙන්න මේක සම්බන්ධයෙන් තමයි අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වාගෙන යන්නේ.

මේ සිදුවීම පදනම් කරගෙන අවංකව වැඩ කරන විශේෂඥ වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය බලධාරීන් අනිත බියක්, සැකයක්, විචිකිච්ඡාවක් ඇතිකරගත යුතු නෑ.

රෝහලේ ඖෂධය හෝ ශල්‍ය උපකරණය නැතිනම්, විශේෂයෙන් ශල්‍ය  උපකරණය විශේෂඥ වෛද්‍යවරයාට හරියටම ගැලපෙන්නේ නැතිනම් රෝගියාගේ පාර්ශවයෙනුත් කැමැත්තක් තියනවා නම් ගෙන්වා ගන්න පුලුවන්.

නමුත් ඒ අවශ්‍යතාවය පාවිච්චි කරලා කොම්පැණියටත් වඩා හතර පස් ගුණයක් ලාභ ගන්න හදනවානම් ඒක රෝගී භාවය දඩමීමා කරගෙන සිදුකරන්න පුලුවන් බරපතල වංචාවක්. ඒකට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැතිනම් සාධාරණව සද් චේතනාවෙන් වැඩ කරන වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා මේ අවස්ථාවේදී අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා කියලා මා සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ බය වෙන්න එපා. ඔබ සද් චේතනාවෙන් මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න කරගෙන ගිය වැඩපිළවෙළ කරගෙන යන්න. අපි ආර්ථිකය ශක්තිමත් වෙනකොට ඔබ ඉල්ලන සියලුම ඖෂධ හා ශල්‍ය උපකරණ ලබා දෙන්න පුලුවන් පළමු මොහොතේම එය ලබා දෙනවා. දැනුත් මේ අවරුද්දට පමණක් බිලියන 183.5ක් වෙන් කරලා තියනවා.

එහෙම තිබෙද්දීත් අපට සපයා දිය නොහැකි දේ මෙන්ම ඔබේ අත්දැකීම අනුව වඩා හොඳයැයි සිතන දේ ඉල්ලුම් කරන්නට සද් චේතනාවෙන් වැඩ කරන ඔබට මේක බාධාවක් වෙන්නේ නෑ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොවූ බවට ප්‍රකාශිත එක්සත් ජනපද බුද්ධි තක්සේරුව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි!

Next Post

වැඩ බලන තනතුරුවලට අරක්ගත් මළ පෙරේතයින්ගේ යටිකූට්ටු වැඩ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජාතික රෝහල් තුනේම ඉහළ තනතුරු පුරප්පාඩු වෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.