කොලොන්නාව ශ්රී මහා බෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළුවී විහාරාධිපති හිමිගේ බෑගයෙන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට ඒ පිළිබඳ පැමිණිලි කළ සේවකයාම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ඉකුත් 12 වන දින මෙම සොරකම සිදු වී තිබිණි. පැමිණිලිකාර සේවකයා සම්බන්ධයෙන් පොලිසියට ඇති වූ සැකයක් නිසා සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීමේ දී ලැබෙන වැටුප මදි වීම හේතුවෙන් මෙම සොරකම සිදුකළ බව අනාවරණය වී ඇත
ආවාස ගෙයි ජනෙල් වීදුරු තුනක් ගලවා ඇතුළු වී සොරකම සිදුකර ඇත. පොලිසිය නොමග යැවීම සඳහා ජනෙල් වීදුරු ගැල වූ වූ බවද සැකකරු වැඩිදුරටත් පවසා ඇත
63 හැවිරිදි හෝමාගම පදිංචි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාරදී ඇත







