සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි 20 තරගාවලියත් දිනුම්… කමිල් මිෂාර සිම්බාබ්වේ පන්දු යවන්නන් හඬවයි…

by editor
සැප්තැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉලක්කය තිබුණේ ලකුණු 192කි. විස්සයි විස්ස තරගයක ලකුණු 192ක් මොනම කණ්ඩායමකටවත් පහසු ඉලක්කයක් නොවේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 17.4ක දී ඉලක්කය පසු කළහ. පන්දු 14ක් යවන්නට ඉතිරිවී තිබිය දී ලබා ගත් මේ ජයග්‍රහණයේ කැපී පෙනන නියමුවා අංක 3 ට පිතිකරණයට පැමිණි යොවුන් ක්‍රීඩක කමිල් මිෂාරය.

එය ප්‍රේක්ෂකයින් පිස්සු වැට්ටූ පිතිකරණයකි. පන්දු 43ක දී කමිල් නොදැවී ලකුණු 73ක් ලබන්නේය. හතරේ පහර 6කි. හයේ පහර 3කි.

කමිල් මිෂාර

කාලයකින් කුසල් ජනිත්ගේ පුරුදු පිතිකරණය දුටුවෙමු. ඔහු නොදැවී ලකුණු 46ක් ලබන්නේ පන්දු 26ක දී ය. හතරේ පහර 4කි. හයේ පහර 2කි. ඒ පීඩනය කොපමණදැයි වැටහෙන්නේ තමන් යවූ පන්දු ඕවර 17.4 තුළ සිම්බාබ්වේ පන්දු යවන්නන් වයිඩ් පන්දු 09ක් යැවීමය.

කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුළු 08ක් දැවී ලකුණු 191ක් ලබා ගන්නේ තියුණු ප්‍රහාරයක් සමගිනි. .

සිම්බාබ්වේ කඩුලු රකින ටඩිවනෂේ මරුමානි හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 44ක දී ලකුණු 51කු ලැබුවේය. ඒ හැරෙන්නට හැම පිතිකරුවෙක්ම ඉතාම අඩු පන්දු ගණනක දී වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරනු දුටුවෙමු. සේන් විලියම් පන්දු 11කී ලකුණු 23කි. සිකන්දර් රාසා පන්දු 18ක දී ලකුණු 28කි. රියන් බුර්ල් පන්දු 15ක දී ලකුණු 26කි. අවසන් පිතිකරු හැර සියලුම පිතිකරුවන්ගේ ප්‍රහාරක වේගය 100ට වැඩිය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

යළිත් පන්දු යවන්නන් වයිඩ් 7ක් සහ එක් නිපන්දුවක් යවා . වැඩිපුර පන්දු ඕවරයකුත් පන්දු දෙකක් සිම්බාබ්වේ කණ්ඩායමට අපේ පන්දු යවන්නන් ප්‍රදානය කර තිබිණි.

දුෂ්මන්ත චමීර ලකුණු 33ට කඩුළු 2ක්, දුෂාන් හේමන්ත ලකුණු 38ට කඩුළු 03ක් ලැබුවේය. මතීෂ පතිරණ ලකුණු 40ට කඩුල්ලකි. බිනුර ප්‍රනාන්දු ලකුණු 48කට කඩුල්ලකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි කුසල්ගෙන් සහ පැතුම්ගෙන් ක්‍රීඩා ලෝලීන් දුටුවේ ඔවුන් විසින් ගොඩනගන අලංකාර පිතිකරණ රටාවය. පැතුම් සහ කුසල් හතර අතේ පහර එල්ල කළහ. පන්දු විස්සක් තුළ පැතුම් ලකුණු 33කි. පන්දු 17ක් තුළ කුසල් ලකුණු 30කි.

මුල් කඩුල්ල ලෙස දැවී යන්නේ කුසල්ය. 5 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් කුසල් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 58කි. ලකුණු 76 දී පැතුම් දැවී ගියේය.

කුසල් සහ කමිල්…

එතැන් සිට තුන්වන කඩුල්ලට පන්දු 63ක් තුළ ලකුණු 117ක් ලබාගෙන කුසල් ජනිත් සහ කමිල් මිෂාර හරාරේ පිටියේ සිම්බන්ට ක්‍රිකට් එපා කළහ. කමිල් නොදැවී ලකුණු 73කි. ඒ පන්දු 43ක් තුළය. කුසල් නොදැවී ලකුණු 46කි. ඒ පන්දු 26ක් තුළය.

දවාගත් කඩුළු දෙක බ්‍රැඩ් එවනස් සහ සිකන්දර් රාසා විසින් දවාගත්තේය.

ඊයේ අන්ත කුජීතවන්නට සිම්බාබ්වේ කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයට ඒ බරින්ම පිළිතුරු දී තිබිණි. විස්සයි 20 තරගාවලියත් දිනුම්ය. තරගයේ වීරයා කමිල් මිෂාරය. තරගාවලියේ වීරයා දුෂ්මන්ත චමීරය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට ලකුණු 192ක ඉලක්කයක්…

Next Post

දියවඩන නිලමේ නිලංග දෑල ගේ ධූර කාලය අද මධ්‍යම රාත්‍රියෙන් නිමයි… පුරප්පාඩුවන ධූරයේ වැඩ බලන්න යළිත් දෑලම පත් කරයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.