සියලුම සම්මතයන් ව්‍යසනයට ලක් කර අනීතිකව ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායමට තොරාගත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වූ ලිම්මි තිලකරත්න කණ්ඩායමට තෝරාගත් පදනම සම්බන්ධව කිසිවක් කියාගත නොහැකිව තේරීම් කමිටුව බරපතල අර්බුදයකට පත් වී ඇතැයි වාර්තා වේ.
දේශීය තරග එකක්වත් ක්‍රීඩා නොකර සිටිය දී ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ කාන්තා 23න් පහළ ලිග් තරගාවලියට දඹුල්ල කණ්ඩායම නියෝජනය කරවමින් ක්‍රීඩා කරවන ලද ලිම්මි තිලකරත්න එම තරගාවලියේ කිසිදු කැපී පෙනෙන දක්ෂකමක් පන්දු යැවීමේ දී හෝ පිතිකරණයේ දී දක්වා තිබුණේ නැත.

අනතුරුව ඇය ශ්‍රි ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් තෝරගැනීම සඳහා පදනම් වූ 19න් පහළ ලීග් තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරවමින් ක්‍රීඩා කරවා තිබිණි. එහිදී ඇය තරගය හයකට ක්‍රීඩා කර ලබාගෙන තිබුණේ ලකුණු 42ක් පමණි. ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 07කි. තරග 06ටම එල්ල කර තිබුණේ එක් හතරේ පහරකි. පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල ඇය ඉන්නේ 19 වැනි තැනය. ලිම්මි තිලකරත්න කණ්ඩායමට තේරෙන විට පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල 5 වන ස්ථානයේ පසුවන කවිශ්කා අබේරත්න කණ්ඩායමට තේරෙන්නේ නැත. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇයගේ මට්ටමේ සිටි වෙනත් ක්‍රීඩිකාවක් සංචිතයට තෝරාගත් බවය.
පන්දු යවන්නියන් ගේ ලයිස්තුවේ ලිම්මි තිලකරත්න ඉන්නේ 16 වැනි තැනය. ඇය තරග 06දී ම ලබාගෙන ඇත්තේ කඩුළු 04කි. ලකුණු 112ක් ලබා දී තිබේ.
පිතිකාරිණියක් ලෙස හෝ පන්දු යවන්නියක් ලෙස කණ්ඩායමට තෝරාගැනීමට කිසිම තර්කානුකූළ පදනමක් නැති අවස්ථාවක 15 දෙනාගේ සංචිතය 16 කර 16 වැනි ක්‍රීඩිකාව ලෙස ලිම්මි තිලකරත්න තෝරාගෙන තිබිණි.
මේ වනවිට ඇයව ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කරවන්නට සූදානම් වෙමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. 19න් පහළ කණ්ඩායමේ පුහුණුකාර මහේෂ් වීරසිංහ දඹුල්ලේ පැවති පුහුණු තරගවලදී මෙම අත්හදා බැලීම සිදුකර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරගාවලියේ දී දැනට තෝරාගෙන ඇති ආරම්භක පිතිකාරිණියන් දෙපලින් කෙනෙක් මැදපෙළට යවා ලිම්මි තිලරකරත්න ආරම්භක පිතිකාරිණියක සේ යැවීමට සැලසුම් සකස් කර ඇතැයි දැනගන්නට ඇත.
තේරීම් කමිටුව හෙළුවෙන්…
ක්‍රිකට් තේරීම් තුට්ටු දෙකේ විහිලුවක් කළ මෙම තේරීම්කරණයේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හේමන්ත දේවප්‍රියගේ සදාචාරාත්මක නොවන ක්‍රිකට් කෙරුවාවක් ගැන ද හෙළි වී තිබේ.
ජාතික තේරීම්කමිටුවක සිටින කිසිවෙකුට ක්‍රීඩා සමාජවල ක්‍රිකට් පුහුණු කරුවෙක් ලෙස කටයුතු කිරීමේ තහනම් කර ඇති පසුබිමක කාන්තා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති හේමන්ත දේවප්‍රිය සෑම සෙනසුරාදාවකම සීනිගම ගුණ සමරු පදනම ක්‍රිකට් ඇකඩැමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගම හෙළි කරයි.
එමෙන්ම ඔහුගේ පුහුණුව යටතේ ඉන්නා දරුවන් ශ්‍රි ලංකා 19න් පහළ සංචිතයට ඇතුළත් කරගැනීමේ වැඩි නැඹුරුවක් සම්බන්ධව ද මේ වනවිට චෝදනා එල්ල වෙමින් ඇත. එවැනි තේරීම් කමිටු සභාපතිවරයෙක් ස්වකීය හිතවතෙක් වන ක්‍රීඩකයෙකුගේ දරුවෙක් කිසිම තර්කානුකූල පදනමකින් තොරව 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගෙන තිබේ.
එම සංචිතයට අවසාන අනුමැතිය ලබා දෙන්නේ ජාතික තේරීම් කමිටු සභාපති උපුල් තරංගය. ඔහුත් මේ සංචිතයට අනුමැතිය දී ඇත.
අවසාන වශයෙන් ක්‍රීඩා ඇමති සංචිතයට අනුමැතිය දිය යුතුය. ක්‍රීඩා ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහුගේ අනුමැතියත් කණ්ඩායමට ලැබී ඇත.







