අධික වැසි හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිටි, පාලින්දනුවර, දොඩංගොඩ ප්‍රදේශවලට ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇළපාත, අයගම, කිරිඇල්ල, පැල්මඩුල්ල, කලවාන නිවිතිගල ප්‍රදේශවලට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
දිවයින ආශ්‍රිත ව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ සෙසු ප්‍රදේශවල නායයාම් අවදානම සහිත ප්‍රදේශවල ජනතාව ද ආරක්ෂාකාරී ව සිටිය යුතු බවට අනතුරු ඇඟවා ඇත.







