මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයේෂා කුමුදුනී තරුණිය මියගොස් අත්තේ ගෑස් සිලින්ඩරයේ හෝ රෙගියුලේටරයේ දෝෂයක් නිසා ඇතිවූ ගිනි ගැනීමකින් නොව සිරුරට ගිනි තබා ගැනීමකින් බව පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි ඇයගේ මරණය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර ඇති බවත් මේ දක්වා සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ ඇය සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් සිදුවූ තුවාල ආසාදනයෙන් මිය ගොස් ඇති බවත් යැයි එම නිවේදනය දක්වයි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ බාහිර පිළිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනය වීම බව ප්‍රකාශ කර ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 24වනදා ඇය මියගොස් තිබුණි.
මේ පිළිබඳව මිය ගිය තරුණියගේ පියා අපට කීවේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. මේ ඒ කතාවය.
“මට දුව කිව්වෙ ගෑස් ලිප පත්තුවුනේ නෑ. ඒ නිසා ගිනි පෙට්ටියෙන් කූරක් ගැහුවා. ඒකෙන් තමයි ගිනිගත්තෙ කියලා. පොලොන්නරුව ඉස්පිරිතාලෙට ගියාම මමයි ගියෙ බලන්න. දුව මට කිව්වෙ තාත්තෙ මාව ගෑස් එකට පිච්චුනා කියලා.“







