ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට වූ සිය තීන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වනවිට දන්වා තිබේ.
තම තීරණය දැනුම් දෙමින් හසරංග පැවසුවේ සීමිත පන්දුවාර විශේෂඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය දීර්ඝ කර ගැනීම මෙම පියවරට හේතුව බවය.
“අපි ඔහුගේ තීරණය පිළිගන්නවා. හසරංග අපගේ සුදු පන්දු වැඩසටහනේ ඉදිරි ගමනේ වැදගත් අංගයක් වනු ඇතැයි විශ්වාසයි,” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත.
වනිඳු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග හතරකට ක්‍රීඩා කර ඇත. කෙසේ වෙතත්, 26 හැවිරිදි ඔහු එක්දින ජාත්‍යන්තර තරඟ 48 ක් සහ විස්සයි 20 අන්තර් ජාතික තරඟ 58 කදී රට නියෝජනය කර ඇත.