සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වටිනාකම අඩුවෙන් තක්සේරු කර රටට ගෙන්වීමට ගිය වාහන තොගයක් එම වාහන ගෙන්වූ රටටම යළි හරවා යැවීමට වරාය සූදානම්!

by editor
ජූනි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වටිනාකමට අඩුවෙන් තක්සේරු කර රටට ගෙන්වූ සුඛෝපභෝගී සහ රීකන්ඩිෂන් වාහන තොගයක් එම වාහන ආනයනය කළ මුල් රටටම නැවත අපනයනය කිරීමට නියමිත බව රේගු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

හොඳින් පරීක්ෂා කිරීමේ දී තෙවන රටක ලේඛන භාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව නිශ්චිතව අනාවරණය වීමෙන් පසුව, රේගුව මෙම වාහන නිෂ්කාශනය කිරීම නවතා දමා ඇති බව එම වාර්තාවේ දැක්වේ.

මෙම වාහනවලින් බහුතරයක් ජපානයෙන් ආනයනය කර තිබුණද, අදාළ ණයවර ලිපි (LC) සිංගප්පූරුව සහ ඩුබායි වැනි ස්ථානවල විවෘත කර ඇති අතර එමඟින් වාහනයේ වටිනාකම අඩු තක්සේරුවකට ලක් කර ඇත.

පවත්නා නීතිය යටතේ, වාහන නැව්ගත කිරීමට පෙර එම වාහන සම්බන්ධව පරීක්ෂණ සහතික, මුල් රටේ බැංකුවක් විසින් අනුමත කළ යුතුව ඇත. නමුත් වැඩිදුර පරීක්ෂණ මගින් ජපන් බැංකු මෙම සහතික අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව රේගුව අනාවරණය කරගෙන තිබිණි. වාහන වෙන්දේසියේ සඳහන් වටිනාකම ඉන්වොයිසිවල සඳහන් වටිනාකමට වඩා වෙනස් බැවින්, වාහන අවතක්සේරු කර ඇති බවට සැක මතු වී ඇති බව රේගු නිලධාරියා පැහැදිලි කළේය.

“මෙම වාහනවල සැබෑ වටිනාකම සලකුණු කර ඇති මිල ගණන්වලට වඩා බෙහෙවින් වැඩි බව අපි විශ්වාස කරනවා. මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව උපදෙස් අපි ආනයන පාලකවරයාගෙන් ඉල්ලා සිටියා. දැනට වාහන නිදහස් කිරීමට අපි අදහස් කරන්නේ නෑ. ඒ වගමේ අපට පවතින නීතියට අනුව ආනයනකරුවන්ට දඩ නියම කළ නොහැකියි. අපට ඇති එකම මාර්ගය වන්නේ මෙම වාහන නැවත එම වාහන ගෙන්වූ රටටම අපනයනය කිරීමයි,” නිලධාරියා පැවසීය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියෙකු උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ භාණ්ඩාගාරය විසින් රේගු සහ ආනයන පාලකවරයාට වාහන නැවත අපනයනය කරන ලෙස උපදෙස් දී ඇති බවය.

දඩයක් ගෙවීමෙන් පසු වාහන නිදහස් කිරීමට අවසර ඉල්ලා සමහර ආනයනකරුවන් මීට පෙර භාණ්ඩාගාර නිලධාරීන් හමුවී තිබුණද, ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක් කියපු විදිහේ සමලිංගිකයන් සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නෑ… අධිකරණ ඇමති ටකර් ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි!

Next Post

බේරුවලින් මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.