සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙඩ්ඩුන්ගේ මළ මිනී මතින් ඇවිලෙන ජයවර්ධනපුර රෝහලේ වකුගඩු දොස්තරලාගේ හුටපටය ජූඩ් චමින්ද මරාගත් හැටි….

by editor
ජූනි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ජයවර්ධනපු රෝහලේ මෞත්‍ර ලිංගික සහ වකුගඩු බද්ධකිරීමේ ඒකකය විසින් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවා තිබිණි.

ඒ අත්හිටුවීමට හේතුව විශේෂ විමර්ශනයකින් හෙළිදරවු කරගත යුතු බව අප මේ රටේ සෞඛ්‍ය ඇමති සහෝදරයාගෙන් ඉල්ලා සිටිමු. ඇමති පට්ටම් අරගත්තාට පසු සහෝදරකම් අත් හැර ගැනීම අවුලක් නැත. ඒ මේ රටේ දේශපාලනයේ හැටිය. ඇමතිවරයෙක් ලෙස බැරිනම් මනුස්සයෙක් ලෙස හෝ ඒ විමර්ශනය කිරීමේ වගකීම සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට තිබේ. මක්නිසාද යත් කිසිම තාර්කික හේතුවක් ඉදිරිපත් නොකර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අත්හිටවූ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නිසා මේ වනවිට වකුගඩු බද්ධ කිරිමේ පොරොත්තු ලේඛනයේ සිටි රෝගීන් මිය යමින් සිටින බැවිනි.

මේ එසේ ජිවිතයෙන් වන්දි ගෙවූ රෝගියෙකුගේ බිරිය තමන්ගේ වේදනාත්මක ජීවිත අත්දැකීම අප හමුවේ දිගහැරිය ආකාරය ය. මේ සියලුම විස්තර සහසුද්දෙන්ම ඇත්තය. ඒ ටික අවධාරණයෙන් ලියන්නේ මේ ආණ්ඩුවේ උන් උන්ගේ ආණ්ඩුවට පතිවතක් ඇති බවත්,  හැම එකාම ඒ පතිවතට කෙළින්නට බලාගෙන ඉන්නා බවත් විශ්වාස කරන නිසාය.

ජූඩ් චමින්ද මරාගත් හැටි

මේ කතාව කියන්නේ   නාත්තන්ඩිය, තබ්බෝව, ජය උයන, අංක 135 ලිපිනයේ පදිංචිව ඉන්නා සුගන්ධි කුමාරිය. සුගන්ධි යනු නිධන්ගත වකුගඩු රෝගයක් නිසා වසර එක හමාරක් තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට, වකගුඩු බද්ධ කිරීම සඳහා සියලුම සැලසුම් සකස් කර සැත්කමට දින දී තිබිය දී රෝහලේ සැත්කම් නැවැත්වීම හේතුවෙන් අවසානයේ රෝහල විසින් මරාගත් රෝගියා වූ  ජූඩ් චමින්දගේ බිරිය ය.

මෙතැන් සිට අපි එක වචනයක් නොඅඩුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින් ජූඩ් චමින්ද මරාගත් ආකාරය ඔහුගේ බිරිය විසින් පෙළින් පෙළ කියන ආකාරය පමණක් ලියා තබමු.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහත්තය ගහක් ගලක් වගේ උන්නු කෙනෙක්. එයා ගමේ හැමෝටම උදවු කරගෙන අපිව පුලුවන් හැම ආරක්ෂාවම දීලා බලාගත්තු රත්තරන් මනුස්සයෙක්. එයා බිෂොප් හවුස් එකේ වතු සුපරින්ඩන්ට් කෙනෙක් විදිහටයි රස්සාව කළේ. මමත් පොඩි රැකියාවක් කළා. අපි බොහොම හොඳට ජීවත් වුනා.

මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මහත්තයා අසනීප වුනේ. පරීක්ෂණවලදි හෙළි වෙන්නේ එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා කියලා. අපි වැඩිපුර හොඳට ඉදිරි ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහල තෝරා ගත්තා. අවුරුදු එක හමාක් තිස්සේ මහත්තයා බෙහෙත් ගත්තේ ජයවර්ධනපුර රොහලේ වකුගඩු සායනයෙන්.

මේ ප්‍රතිකාර ගන්න අවුරුදු එක හමාරක් තිස්සේ ආවෙ පහසු ගමනක් නෙමෙයි. ක්ලිනික් එකට යන්න නාත්තන්ඩියෙ ඉඳන් ගෙදරින් යන්නේ පාන්දර 4ට. එන්නේ රැ 7ත් පහුවෙලා. ත්‍රී විල් එකට විතරක් රුපියල් පහලොස් දාහක්. තියන තුට්ටු දෙක වියදම් කරන් අපි ඒ හැම ප්‍රතිකාරයක්ම කළා.

ජූඩ් චමින්ද සහි බිරිය සුගන්ධි

සැත්කමට දිනත් දුන්නා

ඒ අතරේ වකුගඩු බද්ධය කරගන්න ගැලපෙන වකුගඩුවකුත් පරිත්‍යාගශීලියෙකුගෙන් හොයගන්න අපට පුලුවන් වුනා. ඒකනෙ අමාරුම වැඩේ. ඒ දේත් අපේ පැත්තෙන් කරගත්තා. මේ හැම දේටම හොස්පිටල් එකේ වකුගඩු අංශයෙ ඉන්න විශේෂඥ වෛද්‍යවරිය හර්ෂනී ප්‍රනාන්දු වගේම ඒ ඒකකයේ ඉන්න දොස්තර අමිලත් අපිට ගොඩක් උදවු කළා. මේ සියලුම දේ සම්පූර්ණ කළාට පස්සේ ඔන්න අපිට වකුගඩු බද්ධ කරන්න දිනයක් ලබා දුන්නා. ඒ දිනය තමයි අප්‍රේල් 09.

මහත්තයා හිටියේ පුදුම සතුටෙන්. මේ අපාගත දුක දැන් ඉවරයි මැණිකෙ කියලා තමයි කිව්වේ. මටත් හරිම සහනයක් දැනුනා. ලොකු ප්‍රශ්නයක් එක්ක පොර බැදුවේ. මම හිතුවා අනේ දෙයියන්ගේ පිහිටෙන් දැන් ඉතින් ඒ අවුලේ එක කොටසක් ඉවරයි නේද කියලා.

දැන් අපි ඔපරේෂන් එකට ලෑස්ති වෙනවා. ගේන්න ඕන බඩු ලයිස්තුවක් හොස්පිටල් එකෙන් එවලා තිබුණා. ඒ බඩු ටිකත් ගත්තා. රුපියල් 45000ක් විතර ඒ බඩු ටිකට වියදම් වුනා. මෙහෙම සූදානම් වෙලා ඉද්දි මට හොස්පිටල් එකෙන් කෝල් එකක් ආවා අප්‍රේල් 01 වැනිදා හදිස්සි මීටින් එකක් තියනවා… අනිවාර්යයෙන් එන්න කියලා. මම හිතුවා ඔපරේෂන් එක ගැන කරන විශේෂ දැනුම්වත් කිරීමක් කියලා.

අප්‍රේල් 01 වැනිදා මම හොස්පිටල් එකට ගියා. මහත්තයාගෙ ඔපරේෂන් එක කළාට පස්සේ මෙහෙ ඉඳන් යන්න එන්න බෑනේ. මම හොස්පිටල් එක ලඟ ඇනෙක්සි එකක් හොයා ගත්තා. ඒකට ඇඩ්වාන්ස් එකත් මේ ගමන්ම දීගෙන එනවා කියලා හිතාගෙන හොයාගත්තු සල්ලි ටිකත් අරන් තමයි මම මීටින් එකට ගියේ.

මාත් එක්ක තවත් වකුගඩු බද්ධය සඳහා සූදානම් කරලා හිටිය ලෙඩ්ඩු 04ක් එදා කැඳවලා තිබුණා. අපිව මීටින් එකට කැඳෙව්වා. හොස්පිටල් එකෙන් කියපු දේට මට එලෝ මෙලෝ නැතිව ගියා.

“අපිට පොඩි ප්‍රශ්නයක්. හරිම කණගාටු දායකයි. ඔපරේෂන් කරන්න වෙන්නෙ නෑ…” ඔන්න ඕකයි කිව්වේ. ආයෙම මාව කඩාගෙන වැටුනා. මම ඇහුවා ඇයි ඔයාලා එහෙම කරන්නේ. ඇයි එකපාරටම මේ ඔපරේෂන් එක කල් දැම්මේ කියලා. ඇතුළෙ පොඩි ප්‍රශ්නයක් ලු. ඒ ප්‍රශ්නය නිසා ඔපරේෂන් අත්හිටෙව්වලු. දෙයියනේ උන්ට පොඩි ප්‍රශ්න උනාට මේවා අපේ ජීවිත එක්ක තියන ප්‍රශ්න නේද?.”

හොස්පිටල් ඩිරෙක්ටර් කියපු කතාව

මම මහත්තයට හිමින් සැරේ කිව්වා විස්තරේ. එයත් හොඳටම අවුල් වුනා. හැබැයි මට පෙන්නුවෙ නෑ. මට කිව්වේ කමක් නෑ… අපි කතා කරලා බලමු. කියලා. මම ඊට පස්සේ හම්බවෙන්න පුලුවන් හැම දොස්තරම හම්බවුනා. කතා කළා. කිසිම උත්තරයක් නෑ. කිසි දෙයක් වෙන්නේ නෑ.

වැඩේ වෙන්නේම නැති තැන දෙවැනි සතියෙ මම ගියා ජයවර්ධනපුර හොස්පිටල් එකේ ඩිරෙක්ටර් රත්නසිරි හේවගේ හම්බවෙන්න. යනකොට ඩිරෙක්ටර් නෑ. එතන ඉන්න සෙකට්‍රි කියනවා ඩිරෙක්ටර් මිනිස්ට්‍රි එකට ගිහින් කියලා. ඒත් මම මිනිස්ට්‍රි එකට කතා කළාම මිනිස්ට්‍රි එකෙන් කියන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා මිනිස්ට්‍රි එකේ නෑ කියලා.

දැන් මම අන්ත අසරණයි. මම මේ ප්‍රශ්නය මිනිස්ට්‍රි එකේ මට කතා කරපු ඩොක්ටර්ට කියලා පැහැදිලි කරනවා ඇයි මම හොස්පිටල් ඩිරෙක්ටර් හොයන්නේ කියලා. එතකොට ඒ ඩොක්ටර් මේ කතාව අහන් ඉඳලා කියනවා අපි මේ ප්‍රශ්නය ගැන දන්නවා. අද මීටින් එකේදිත් මේ ගැන කතා කරනවා කියලා.

එතුමා මට සෞඛ්‍ය ඇමති තුමාගේ නම්බර් එක දෙනවා මේ නම්බර් එකට ඔයා කතා කරලා විස්තරය කියන්න කියලා. මම ඇමති තුමාට ටෙක්ස්ට් මැසේජ් එකක් දානවා මට වෙච්චි අවනඩුව ගැන කියලා. ඒත් ඇමතිතුමා ඒක බලලා තිබුණෙ නෑ. හැබැයි සිද්ධිය ගැන කතා වුනා කියලා මට ආරංචි වුනා.

පැය ගානකට පස්සේ ඩිරෙක්ටර් ආවා. මම ගිහින් කතා කරලා ඇහුවා ඇයි සර් අපි වගේ මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ කියලා. මගෙ කතාව අහන් ඉඳලා ඩිරෙක්ටර් මට කියනවා මෙහෙම. ‘ මමත් විශේෂඥ වෛද්‍යවරයෙක්. පාරේ එනකොට මිනිහෙක් වැටිලා හිටියත් මම එතනින් යන්නේ ඒ මනුස්සයට ප්‍රතිකාරයක් කරලා. මෙතන ඉන්න දොස්තරලා වෙනස්. මේ තීන්දුව වෙනස් කරගන්න මම අධ්‍යක්ෂවරයා විදිහට ගොඩාක් දේවල් කළා. මෙයාලගෙන් කිසිම සහනයක් ලැබුණෙ නෑ. ඇත්තටම මේ මිනිස්සු දොස්තරලා නෙමෙයි. එයාල දෙපැත්තට කඹ අදිනවා එයාලගෙ ප්‍රශ්න උඩ. ලෙඩ්ඩු අසරණ වෙනවා. පරිපාලනයත් අර්බුදයකට යනවා.’ .

ඩිරෙක්ටර් එහෙම කිව්වෙත් කලකිරීමෙන් තමයි. ඒත් එයා මේ හොස්පිටල් එකේ අධ්‍යක්ෂවරයා. මගේ මිනිහා මැරෙන්න මග අතහැරලා යන්නේ මේ හොස්පිටල් එකේ දොස්තරලා. ඉතින් ඒකට සහනයක් බලාගෙන මම ඩිරෙක්ටර් හම්බවෙන්න ගියාම එයාගෙ දුක මට අහන්න වෙනවා නම් මොකක්ද මම කරන්නේ.

මම ඩිරෙක්ටර්ට කිව්වා… ‘සර්. මේ කතා මට කියලා වැඩක් නෑ. මම මේ මගේ මිනිහා මරණයෙන් බේරගනී කියලා අවුරුදු එක හමාරක් වගකීම දුන්නේ මේ හොස්පිටල් එකට. අනන්ත දුක් විඳන් මෙතෙන්ට ආවේ විශ්වාසෙන්. දැන් අන්තිම මොහොතේ සර්ජරි එක නවත්වනවා ඇතුළෙ ප්‍රශ්නයක් කියලා. මගේ මිනිහා අරහෙ පණ අදිනවා. අපේ පැත්තෙන් කරන්න පුලුවන් හැමදේම කරලා තියෙද්දි අනේ සර් මේ ඔපරේෂන් එක කරලා දෙන්න. ‘ කියලා.

ඊට පස්සේ ඩිරෙක්ටර් කිව්වා ‘හරි… මම පිට හොස්පිටල් එකකින් කෙනෙක් අනුයුක්ත කරලා හරි ඔපරේෂන් එක කරලා දෙනවා ‘ කියලා. ඒත් දින වකවානුවක් ඇහුවම ඒක කියන්නේ නෑ. මම එතනින් ආවේ සැකයෙන්.

ඇවිත් හලාවත හොස්පිටල් එකේ මම දන්න දොස්තර මහත්තයෙකුට සිද්ධිය කියලා අහනවා එහෙම පිට හොස්පිටල් එකකින් දොස්තර කෙනෙක් හයර් කරලා ඔපරේෂන් කරන සිස්ටම් එකක් තියනව ද කියලා. ඒ වෛද්‍යවරයා කියනවා එහෙම නම් කරන්න බැහැ. එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඔයා ටිකක් ආයෙ කතා කරලා බලන්න කියලා.

මේ කතාව ඇහුවට පස්සේ දවසේ මම ආයෙ ආවා ජයවර්ධනපුර හොස්පිටල් එකේ ඩිරෙක්ටර් හම්බවෙන්න. ඒ වෙලාවේ එයා මගෙන් අහනනවා…’ ආ… ඔයා ආයෙම ආවද?. මුකුත් කරගන්න බැරිවුනා ද? කියලා.

අම්මපා මට ඒ වෙලාවෙ නම් යකා ආරූඪ වුනා. ජයවර්ධනපුර හොස්පිටල් එකේ ඩිරෙක්ටර් මගෙන් අහනවා මුකුත් කරගන්න බැරි වුනා ද කියලා… මම කිව්වා ඔයා සර් ඕක මගෙන් අහලා වැඩක් තියනව ද?. ඕක සර්ගෙන් අහන්න ඕන මමනේ. මම මේ ඒක අහගන්න තමයි ආවේ ‘ කියලා.

ඩිරෙක්ටර් කිව්වා කිසිම විසඳුමක් නෑ තවම. විසඳුමක් එනකම් ඩයලයිසීස් කරන්න කියලා. මම කිව්වා එයාට තවත් නම් ඒ අපාගත කතාව කියන්න එපා කියලා. මොකද මහත්තයා අවුරුදු එක හමාරක් ඩයලයිසීස් කළා. ඒක මහා දුකක්. වතුර ටිකක් බොන්න නෑ. අපිට දින දීලා අපි වකුගඩු ඩෝනර්ස්ලා හොයාගෙන හැමදේම කරන් ඉද්දි දැන් මේ ඔපරේෂන් එක කරන එක නේද හරි කියලා මම ඇහුවා. මෙයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ…

සුන් වූ කැදැල්ල…

විශේෂඥ වෛද්‍යවරයා සහ වෛද්‍යවරිය අතර ගැටුම

ඒත් මම අත්හැරියෙ නෑ… මම තවත් දවසක් ගියා හොස්පිටල් එකට. වකුගඩු සැත්කම් භාරව ඉන්නේ වෛද්‍යවරු දෙන්නයි. එක්කේනෙක් විශේෂඥ වෛද්‍ය හර්ෂණී පෙරේරා. අනිත් එක්කෙනා විශේෂඥ වෛද්‍ය නිරෝෂන් සෙනවිරත්න. මම යනකොට හර්ෂණී ඩොක්ටර් නෑ. එතන හිටන් ඉද්දි නිරෝෂන් ඩොක්ටර් එනවා. මේ මනුස්සයා දැක්කම මට පුදුම දුකක් කලකිරීමක් ආවේ. මම දොස්තර ඉස්සරහට ඇවිත් ඇහුවා ඇයි ඔයාලා මෙහෙම කරන්නේ. මේ ජීවිත නේද කියලා.

දොස්තර අහනවා මම මොනව ද කළේ කියලා. මම කිව්වා ඇයි දෙයියනේ ඔපරේෂන් එකට දිනත් දීලා ඒක කරන්නේ නෑ කියලා අත්හැරලා දැම්මට පස්සේ තවත් මොනවද අපට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කියලා. මේ දොස්තර මට කියනවා එයා කාටවත් ඔපරේෂන් එකට දින දුන්නෙ නැතිලු. අපි රැවටිලා ලු. මම මට හොස්පිටල් එකෙන් එවපු ලියුම පෙන්නුවම එයා කියනවා එයා මෙහෙම කිව්වා.

“මෙතන වැඩ වෙනවා හරි නෑ. මගේ ඩොක්ටර් තමයි අර්ජුන මාරසිංහ. එයා මාලිගාවත්තට ගිහින්නේ. මට ඉතින් මේ වැඩේ කරන්න බෑ. මම හර්ෂනී ( විශේෂඥ වෛද්‍ය හර්ෂණී ප්‍රනාන්දු ) එක්ක වැඩ කරන්න කැමති නෑ” කියලා. “එයා වගකීමක් ඇතිව වැඩ කරන්නේ නෑ. ඒ හින්දා හර්ෂණී එක්ක වැඩ කරන එක ගැන කතා කරන්න දෙයක් නෑ. ඔයා මාලිගාවත්තට යන්න. ගිහින් අර්ජුන මාරසිංහව හම්බවෙන්න. අද හතරට ඉන්නවා එයා මාලිගාවත්තේ. සර්ජරි එක කරගන්න විදිහක් ගැන කතා කරගන්න. දිනයක් දාගෙන හවස ඇවිත් මම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන තැනදි මුණගැහෙන්න. මම මාලිගාවත්තට ඇවිත් ඔපරේෂන් එක කරන්නම්” කියලා.

මේ ටික මම මහත්තයට කිව්වා. මහත්තයා කිව්වා හවස් වෙනකොට බස් නැති වෙනවා. ඔයා දැන් ගෙදර එන්න. අපි ආයෙම ඇවිත් මේ ගැන කතා කරමු කියලා. මම ගෙදර ආවා. පහුවදා උදේම ආයෙම මාලිගාවත්ත හොස්පිටල් එකට ආවා. එතන ඉන්න මිනිස්සු හරිම කරුණාවන්තයි… ඩිරෙක්ටර් මහත්තයා හිටියේ 06 වැනි තට්ටුවේ. මට එතුමා හම්බවෙන්න අවස්ථාව එතන හිටපු කට්ටිය අරන් දුන්නා.

මාලිගාවත්තේ දෙවිවරු

මම ගිහින් ප්‍රශ්නය කියනකොටම එතුමා කිව්වා ‘ඔව්… මම ඔය ප්‍රශ්නය දන්නවා’ කියලා. ඔයාලා හතර දෙනාටම මේ සර්ජරි එක කරන්න අවසරය ඒ කියන්නේ එතිකල් එක ලැබුණා නේද කියලා එතුමා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වම මට කිව්වා ‘ඔයා කලබල වෙන්න එපා. අපි මේ සර්ජරි එක මෙහෙ කරමු. හිත කලබල කරගන්නේ නැතිව ඉන්න’ කියලා. ඒ රත්තරන් මනුස්සයා ලඟ මම වැඳ වැටුනා. මම කකුල් දෙක අල්ලන් එතුමාට කිව්වා මගේ මහත්තයාගෙයි මේ ප්‍රශ්නය නිසා අසරණ වෙලා ඉන්න අනෙක් ලෙඩ්ඩුන්ගෙයි ජීවිතේ බේරලා දෙන්න කියලා.

එතුමා කිව්වා ‘කලබල වෙන්න එපා. ජපුරෙ එතිකල් එක මාලිගාවත්තට හදාගන්න ඕන. එහෙම කරලා හතර දෙනාගෙම කරමු’ කියලා. ලොකු සැනසීමකින් මම ජයවර්ධනපුර හොස්පිටල් එකට ගියා මහත්තයගේ එතිකල් එක හදාගන්න. මුන් මහ සත්තු ජාතියක්. හවස හය වෙනකම් මට එතිකල් එක දුන්නේ නෑ. එතන හිටියා විජේකෝන් කියලා එකෙක්. ඌ මට කියනවා එතිකල් එක හදාගන්න ඕන නම් මාලිගාවත්තෙන් දොස්තරව එක්කගෙන එන්නලු මෙතෙන්ට. එතිකල් එක ගන්න මට තව සති දෙකක් විතර මහන්සි වෙන්න වුනා. හර්ෂණී ඩොක්ටත් ඒකට උදවු කළා. පස්සේ ඒ ප්‍රශ්නය මට මාලිගාවත්තෙන් විසඳලා දුන්නා.

ඊට පස්සේ මට අර්ජුන මාරසිංහ ඩොක්ටර් මාලිගාවත්ත හොස්පිටල් එකේ දි හම්බවුනා. එයා වැඩේ කරන විදිහටම තමයි කතා කළේ. මාලිගාවත්තේ ඩිරෙක්ටර් සර් කිව්වා මැයි මාසෙදි අපි සර්ජරි එක කරමු කියලා. මැයි 17 වැනිදා තමයි මාලිගාවත්ත හොස්පිටල් එකෙන් දිනේ දුන්නේ මහත්තයාගේ සර්ජරි එක කරන්න.

මහත්තයි පුතයි දෙන්නම යන්නම ගියා…

මේ අතර මැයි 10 වෙනකොට මහත්තයා ආයෙම ටික ටික අසනීප වුනා. සීනි වැඩි වුනා. 15 වැනිදා මහත්තයා හලාවත හොස්පිටල් එකට ඇතුළු කළා. ඩිරෙක්ටර් සර්ට මම කතා කරලා කිව්වා තත්ත්වය. සර් මට කිව්වා මහත්තයා ඉක්මනින් හොඳ කරන් එන්න. ආපු ගමන් අපි සර්ජරි එක කරමු කියලා.

මේ අතරේ පුතා අසනීප වුනා. මහත්තයා හොස්පිටල් එකේ නවත්තලා ඒ වෙනකොට. පුතාගෙ කණෙන් ලේ යන්න උනා. 20 පුතාව හොස්පිටල් ඇතුළු කළා.

අනේ ඒ අතරේ ජීවිතේ ඉල්ලගෙන අන්තිම දොරටුව ලඟටත් ගියාට පස්සේ ඒ දොරවහලා දාලා එළියට ඇදලා දාපු මගේ මහත්තයා හලාවත හොස්පිටල් එකේ දි නැති වුනා. ඒ මැයි මාසේ 22 වැනිදා.

ජයවර්ධනපුර හොස්පිටල් එකේ අමනුස්සයො අප්‍රෙල් 09 වැනිදා සර්ජරි එක කළානම් මගේ මහත්තයා අදත් ජීවතුන් අතර ඉන්නවා නෙ දෙයියනේ… මහත්තයා මැරුණා… පුතා ගැන බලන්න යන්නවත් විදිහක් නෑ. මේ මරණය ගෙදර තියාගෙන. ඒ අතරේ පුතා අයි.සී.යූ දාලා… මහත්තයාගෙ අවසන් කටයුතු කරන්න තිබුණෙ මැයි 24. අනේ එදා මගේ පුතත් නැති වුනා.

ගෑනියෙකුට වෙන විඳන්න වේදනාවක් තියනව ද?. තාත්තා මැරණු බව නොදැන පුතත් තාත්තගෙ ලෝකෙට ගියා. අවසාන කටයුතු දවසක් පරක්කු කරලා පුතාගෙ මිනියත් ගෙදරට ගෙනාවා. ඒ දෙන්නගෙ මිනී දෙක සාලේ එක ලඟ තිබ්බා. ඒ දෙන්නම මාව දාලා එකට අවසන් ගමන් ගියා.

මමත් දැන් මැරිලා වගේ… මගේ මහත්තයා මුන් මරාගත්තේ නැතිනම් පුතත් අද මගෙ ලඟ කියලා මට හිතෙනවා. මේ ප්‍රශ්නත් එක්ක දරුවො ගැන හොයන එකත් ටිකක් අත්හැරිලා ගියා.

මේක මිනී මැරුමක්…

මේ රටේ නීතියක් තියනවා නම් සදාචාරයක් තියනවා නම් මට වෙච්චි අපරාධය ගැන හොයන්න ඕන. තව ලෙඩ්ඩු මේ වගේ ජීවිතවලින් වන්දි ගෙවන්න අවශ්‍ය නෑ මේ රටේ. ජයවර්ධනපුර හොස්පිටල් එකේ ඩිරෙක්ටර් රත්නසිරි හේවගේ කියනවා එයා පිළිගන්නවලු දොස්තරලාගේ පුද්ගලික හේතු මත ලෙඩ්ඩු අසරණ කළා කියලා. ඒක අනුමත කරන්නෙ නෑ ලු. මුන්ට කියන්න ඕන මොනවද කියලා මම දන්නේ නෑ….

එකක් කියන්නම්. මේක මිනීමැරුමක්…. මේ මිනී මැරමෙ පව ඔය ජයවර්ධනපුර හොස්පිටල් එකේ ඉන්න දොස්තරලා කියන උන්ට ගෙවලා ඉවර කරන්න නම් හම්බවෙන්නේ නෑ…. ජාති ජාතිත් මේ පව උන්ට පල දෙනවා.”

ඒ ගැහැණියගේ කතාව මේ රටේ තුච්ඡ පාදඩයින් පිරිසක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලේ වවුලන් සේ හැසිරෙමින් ස්වකීය අභියමතය පරිදි හැසිරෙන සාහසික ඉසව්වක් අනාවරණය කරන්නේය. මින් පෙර වකුගඩු රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ඉවත් කර සැත්කම මග හැර ඇයව මරණයේ මාවතට තල්ලු කළ පිශාච වෛද්‍යවරයෙක් ගැන ලීවෙමු. ඇය යන්තම් ජීවිතය බේරා ගත්තාය. ඒ කාලකණ්ණියා මේ මරණය පසුපසත් සිටින්නේය. ඔහු සම්බන්ධව රෝහල මගින් කළ පරීක්ෂණය එවකට සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාලට දුන්නේය. මහීපාලට තීන්දු ගැනීමට කොන්දක් තිබුණේ නැත. දැන් එම වාර්තාව ඇත්තේ අනිල් ජාසිංහගේ මේසය උඩය. එදා කිසිම විනය ක්‍රියාමාර්ගයක් නොගත් ඒ අශ්ලීලා දොස්තර අද මේ මරණයට වගකිව යුතු නම් ඒ සඳහා එදා විමර්ශන ක්‍රියාවලිය මගහැරිය සියලුදෙනාම වගකිව යුතුය.

සිද්ධිය සම්බන්ධව මේ වනවිට ජනාධිපතිවරයා දක්වා ගොස් ඇතැයි විශ්වාස කරන ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මෞත්‍රලිංගික රෝග සහ වකුගඩු බද්ධ කිරීමෙ ඒකයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාවන නිරෝෂන් එල් සෙනවිතරන්තට සහ හර්ෂණී ප්‍රනාන්දුට අවවාදාත්මක ලිපි යොමු කරමින් නැවත වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන ලෙස දන්වා ඇත්තේය.

ජයවර්ධනපුර රොහලේ අධ්‍යක්ෂවරයාට අනුව දැන් ප්‍රශ්නය ඇත්තේ ජනාධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ය. සිද්ධිය මේ මට්ටම ගිය පසුත් නිශ්චිත විනය පරීක්ෂණයක් සඳහාවත් අවශ්‍යතාවයක් නැති තරමට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පත් කළ වින්නඹු දොස්තර සභාපති අසමත් නම් අපට කියන්නට ඇත්තේ සභාපතිකම ළමයෙකුට දී පරණ පුරුදු රස්සාව කරගෙන ඉන්නා ලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආසන පටි නීතියට පුද්ගලික බස් රථ හිමියන්ගෙන් කොක්කක්! මෙවැනි නීති ගේන්න NTC එකට බලයක් නැතිලු!

Next Post

තම මානව හිමිකම් කඩ කළ බව කියමින් වෛද්‍යවරියකගෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට එරෙහිව පැමිණිල්ලක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.