ජනවාරි මාසය සඳහා මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත. ඒ අනුව, LP ගෑස් සිලින්ඩරයක් පවතින මිල ගණන් යටතේම අලෙවි කෙරේ.
එමගින්, ලිට්රෝ ගෑස් සිලින්ඩර සඳහා මිල ගණන් පහත පරිදි පවතී:
- කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක් රු. 3,690
- කිලෝග්රෑම් 5 සිලින්ඩරයක් රු. 1,482
- කිලෝග්රෑම් 2.3 සිලින්ඩරයක් රු. 694 ක්
කෙසේ වෙතත්, ලාෆ්ස් ගෑස් සමාගම තම ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීම නිවේදනය කළ අතර එය ජනවාරි 2 වන දින සිට ක්රියාත්මක වේ. එම මිල ඉහළ යෑම පහත දැක්වේ.
- කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 150 කින් වැඩි වේ නව මිල රු. 4,250 ක්
- කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රු. 65 කින් වැඩි කර තිබේ. නව මිල රු. 1,710 ක්







