ශ්‍රියානි විජෙසිංහ –
රිලා ගහණය අඩුකිරීම සඳහා රිලවුන්ගේ කණ කැපීම, කොණ්ඩය විවිධ වර්ණයන්ගෙන් ඩයිකිරිම, මුහුනේ ටැටු ගැසීම, ස්කෑන් පරිෂණයක් මගින් හඳුනාගත හැකි කුඩා උපකරණයක් ශරීරය තුළට ඇතුළු කිරීම හා කලවයේ අංක කෙටීම වැනි හඳුනා ගැනීමේ සලකුණු තැබීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහචාර් අශෝක දංගොල්ල සඳහන් කරයි.
අල්ලා ගන්නා රිලා ගැහැණු සතුන් ගැබ්ගෙන තිබෙන්නේද යන්න ස්කෑන් පරික්ෂාවකින් තහවුරු කර ගැනීමෙන් පසුව ගැබ්ගෙන නොමැති සතුන්ට ලූපය පැළඳීම හා නැවත හදුනාගත හැකි වීමේ පහසුව තකා සලකුණක් තැබිමක් සිදුකරණු ලැබේ.
ගැබ්ගෙන ඇති රිලවියන්ටද විශේෂ සලකුණක් තබා මුදාහරින අතර එම සතා යළිත් මාස දෙකින් හෝ තුනකින් නැවත් අල්ලා ලූපය පැළදීමට කටයුතු කරන බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.
මෙසේ සලකුණු තබන රිලවියන් මාස දෙක තුනකින් නැවත අල්ලා ලූපය පවතින්නේද යන්න සොයා බැලීමටත් එම ලූපය රඳවා ගැනීමට නොහැකි නම් වෙනත් නව ලූපයක් වෙත යොමු වීමටත් කටයුතු කරන බව හෙතෙම ලංකාසර වෙතඅදහස් දක්වමින් පැවසුවේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්යවරයා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම අනුරාධපු කලාවැව මායිමේ මේ වන විටත් මෙම පර්යේෂණය ආරම්භ කර ඇත.







