සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් අත් අඩංගුවට පත්වී සුදා ගොඩ යෑම…

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අපේ ඉතිහාසයේ   මුල්ම වරට හිටපු විධායක ජනාධිපතිවරයෙක් අත් අඩංගුවට ගත්තේය. ඒ රනිල් වික්‍රමසිංහය.  වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත්වීම ගැන අද පාර්ලිමේන්තුවේ දී චාමර සම්පත් කතා කළේය. බොහෝම කම්පිත වූ සහ ගාම්භීර ස්වරයෙන් රවුෆ් හකීම් කතා කළේය. අන්තිමට අර්චුනාත් කතා කළේය.

මේ කතා තුනේම හොඳම කෑල්ල වන්නේ රනිල් ට වඩා යූ ටියුබ් සුදා ගැන කතා කිරීමය. රනිල් අත් අඩංගුවට ගන්නා බව යූ ටියුබ් සුදා කලින්ම දැනගැනීම මහා ප්‍රශ්නයක් බව කියමින් සුදාට ඒ තොරතුරු ලැබුන හැටි ගැන මේ මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.  උත්සවයක දී අගමැතිනියට ආචාර කළ විදිහ ගැන මේ තුන්දෙනාටම සුදා ගැන මළ පැන තිබිණි. සුදා ඔවුන්ගේ උත්තරීතර අගමැතිවරියට වැරදි විදිහට ආචාර කළ ආකාරය ගැන චාමර සම්පත් මෙන්ම රවුෆ් හකීම් ද කීවේය.

ඔවුන්ට කේන්ති ගොස් තිබුණු අනික් කාරණාව නම්  මේ යූටියුබ් කාරයා රනිල් අත් අඩංගුවට ගන්නා බව අත් අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර ප්‍රකාශ කිරීමය.  එසේ දැනගන්නේ කෙසේ දැයි ඇසූ රවුෆ් හකීම් එන්.පී.පී.ය නිර්මාණය කරන වෙනස මෙය දැයි විමසුවේය.

සුදත්ත තිලකසිරි නොහොත් යූ ටියුබ්  සුදා යනු පිළිගත නොහැකි අශීලාචාර, මුඛරි සහ වාචාලකම පමණක් සහිත  නොම්බර එකේ ගොබ්බයෙක් බව මේ රටේ නොදන්නා කෙනෙක් නැත. මිනිස්සු  උගේ චැනල් එක  බලනවා නම් බලන්නේ විනෝද සමය බලනවාක් වැනි ආතල් එකක් ගන්නටය. එවැනි යූ ටියුබ් කාරයෙක්  අද ඉතිහාසයේ කිසිම යූ ටියුබ් කාරයෙක් අත්පත් කර නොගන්නා ආකාරයේ පබ්ලිසිටියක් ලබා ගත්තේය. ඔහුගේ රෙප්ලා අතර සම්භාවනීය දේශපාලකයෙක් ලෙස පිළිගත් රවුෆ් හකීම් කළ කොටස නම් මරුය. සුදා හකීම්ට සදා ණය ගැති විය යුතුය.

ආනන්ද විජේපාල කී කතාව

රනිල් අත් අඩංගුවට ගන්නට පෙර මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේය.  ඔහු කීවේ මෙවැන්නකි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“අවධාරණය කරන්න අවශ්‍යයයි අප මේ වෙනකොට  නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් ඉන්නවා. බිඳවැටුන නීතියේ ආධිපත්‍ය යුක්තිය මේ සාමජයට ලබා දෙමින් ඉන්නවා. ඔබ දන්නවා අද තරාතිරම නොබලා නීතිය හැම දෙනාටම එකම ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක පොලිස්පතිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද හිටපු ජනාධිපතිවරයා ද?… එහෙම අදාල නෑ.     අයෙක් වරදක් කරලා  තියනවා නම් ඔහු නීතිය ඉදිරියට ගේන්න මේ රජය කිසිම ආකාරයකින්  පසුබට වෙන්නෙ නෑ.”

“නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ භාර්යාවක් අත් අඩංගුවට ගන්නවා නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධව. දැන් විමර්ශනයක් කරගෙන යනවා එම  නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ නිධන් හෑරීමේ සිද්දියට සම්බන්ධයි ද කියලා. ඔහු වරද කාරයෙක් වෙනවා නම් ඔහුටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. “

“හිටපු පොලිස්පතිවරයා ඊයේ අධිකරණය ඉදිරියට පැමිණීවීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළා. මේ නීතිය ක්‍රියාත්මක කිරීම තරාතිරම නොබලා සිද්ධ වෙන දෙයක්. “

“අපරාධයක් වුනාම අපරාධයේ වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක ජාතික ජන බලවේගයේ ප්‍රධානම අරමුණ. සාධාරණත්වය සහ සමානත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් තමයි ජාතික ජන බලවේගය කරමින් ඉන්නේ. “

මේ රටේ සෑම වින්දිතයෙකුටම සාධාරණයක් ඉෂ්ඨ කරන බව ඇමතිවරයා පොරොන්දු වුනේය. කාලයේ වැලිතලා අතරට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සිද්ධියේ විමර්ශන ආරම්භ වී සාර්ථකව කරගෙන යන බව ඇමතිවරයා පැවසුවේය. කීත් නොයා පැහැරගෙන යෑමේ සිද්ධියේ  විමර්ශන  ක්‍රියාවලිය අවසන් කර ගොනුව  සම්පූර්ණ කර ඇති බවත් එම ගොනුව  විමර්ශන ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා   නීතිපතිවරයා වෙත භාර දී ඇති බව ඇමතිවරයා කීවේය. ඉදිරියේ දී ඒ සම්බන්ධ චූදිතයින්ට අධි චෝදනා භාර දිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදී එක්නැලිගොඩ  අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩුව විභාග වන බවත් සාක්ෂිකරුවන්ට  බලපෑම් කළ ඇප පිට සිටි චූදිත බ්‍රිගේඩියර්වරයෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කළ ආකාරයත් ඔහු සිහි කළේය.

“අපිට තරා තරම වැදගත් නෑ. නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි. වින්දිතයන්ට යුක්තිය ලැබෙනවා. අපරාධකරුවන්ට දඬුවම් ලැබෙමින් පවතිනවා. ඇමතිවරයා පැවසුවේය.”

රවුෆ් හකීම් සහ චාමර සම්පත්

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගේ කතාවට පෙර කතා කළ චාමර සම්පත් දසානායකත් රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම ගැන කතා කළේය. ඔහු කීවේ අධිකරණයේ ක්‍රියාව අධිකරණයට භාර දී බලා සිටිය යුතු බවත් කොහේවත් යන යූ ටියුබ් කාරයෙක් නඩුවක තීන්දුව දීම සහ  එම තීන්දුව හරියටම හරි යෑම බරපතල ප්‍රශ්නයක් බවය.

ඔහුත් අගමැතිනියට උත්සව සභාවක් තුළ සුදා අචාර කළ ආකාරය ගැන දැඩි කම්පනයකට පත් වී සිටියේය. හොඳම කම්පනය සහිතව කතා කළ රවුෆ් හකීම් කීවේ මෙවැන්නකි.

“හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු දැන් විශාල ප්‍රසිද්ධියක් ලබා ගනිමින් පවතින කාරණයක් ගැන මා සඳහන් කරන්න කැමතියි.

“අගමැතිතුමියනි,   ඔබ දින කිහිපයකට පෙර උත්සවයට සහභාගී බව මා දුටුවා.   ඒ උත්සව අවස්ථාවේ දී  යූ ටියුබ්කරුවෙක් ඔහුගේ  හැඟීම් පෙන්වීම මගේ මතය අනුව ඉතා ලාභදායි එකක්. එය සිදුවිය යුත්තක් නොවේ. ඔබ අපේ සගයෙක්. අප ඔබේ  සගයෙක්, නමුත් ඔබ අපේ අගමැති. ඒ දර්ශනවලින්  ඔබට පෙන්වා ඇත්තේ කුමක්ද? අපි ප්‍රසිද්ධියේ දකින විට අපට මිතුරන් ලෙස හැසිරිය නොහැකියි.”

“එම විශේෂිත යූ ටියුබ්කරු   හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බව  නිවේදනය කළා. මෙය අපට කනස්සල්ලට කරුණක්. ඔහු  එම කරුණු ප්‍රසිද්ධ කරන්නේ කෙසේද?   මම හිතනවා මේක   යූ ටියුබර් ගේ චැනලයට වැඩි ප්‍රමාණයක් හිට්ස් ගන්න ක්‍රමයක් වෙන්න ඇති. නමුත් අත් අඩංගුවට ගන්න පෙර ඔහු මේ වගේ කතාවක් කියන්නේ කොහොම ද?. කොහොමද ඒක පිටවෙන්නේ. ඒක කොහොමද වෙන්නේ. මේකද අපි කරපු වෙනස. ඒ ගැන අපට දුකක් තියනවා”.

ඔහු රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම ගැන වේදනාවෙන් කතා කළේය. හිටපු ජනාධිපතිවරයා නැවැරදි ක්‍රමයට අත් අඩංගුවට නොගත් බව රවුෆ් හකීම් පැවසුවේය.

මම ඔහුගේ කැබිනට් එකේ ඉඳලා තියනවා. කැබිනට් එකෙන් එළියෙ ඉඳලා තියනවා. ඔහුට විදරුද්ධව ඉඳලා තියනවා. ඒක වෙනස් තත්ත්වයක්. නමුත්  ඔහු හිටපු රාජ්‍ය නායකයෙක්.

ඔහු ප්‍රකාශයක් සටහන් කර ගැනීමට CID කැඳවනවා. සාමාන්‍යයෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු සිදුවන්නේ කුමක්ද? මීට පෙර වෙනත් සාක්ෂිකරුවන් පැමිණ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය පිළිබඳව ප්‍රකාශ ලබා දී තිබෙනවා. ඉන්පසු ඔබ එහි සාක්ෂි සංසන්දනය කරනවා.   එය කමක් නැත. සෑම කෙනෙකුම නීතිය එක හා සමානයි. නීතියේ ආධිපත්‍යය සෑම කෙනෙකුටම අදාළ වන්නේ ඒ ආකාරයටමයි, මේ රජය ඇදගෙන යාමට අවශ්‍ය වන්නේ එයයි. නමුත් මේ සිදුවීම් අසාමාන්‍යයයි. “”

“ඔබ අධිකරණය වෙත බී වාර්තාවක් ගොනු කරන්න ඕන.    ඔබට තියනවා මූලධර්මයක්. ඔහු හිටපු ජනාධිපතිවරයා.  බී රිපෝට් එකක් ෆයිල් කරලා මහේස්ත්‍රාත්වරයා වෙත කැඳවලා ඔහුටත් අවස්ථාව ලබා දිය යුතුයි ඔහුගේ කරුණු කියන්න.  මහේස්ත්‍රාත්වරයා තීන්දු කරයි  ඔහු රිමාන්ඩ් කරනව ද නැතිනම් ඇප මත නිදහස් කරනවාද කියලා.

මේක තමයි සාමාන්‍ය අපරාධ නීතියේ ස්වරූපය. මේ ගන්නේ හිටපු රාජ්‍ය ප්‍රධානියා. මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත්කළාට පස්සේ ඇප දෙන්න පුලුවන්. මම කියනවා අපි පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපේ හිටපු ජනාධිපතිවරයාට මේ ආකාරයෙන් සැලකීමට එකඟ නෑ.

අධිකරණ ඇමති ඉතාම ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙක්. ඔහු මෙය දන්නවා. රජය මේ වැඩේ කරන්නේ ගැලරිය පිනවන්න. “ රවුෆ් හකීම් කීවේය.

නීතිය චුට්ටක්වත් නමන්න බෑ..

හකීම්ගේ කතාවට සිය කතාව අතර යන්තමින් පිළිතුරක් දුන් නියෝජ්‍ය   ඇමති නීතිඥ සුනිල් වටගල කීවේ කවුරු වුනත් නීතිය චුට්ටක්වත් නමන්නට බැරි බවය.

“රවුෆ් හකීම් ගේ කතාවේ මොකක්ද වුනේ. නීතිය ඉස්සරහ  ආයතන කටයුතු කරන් යද්දි එහෙම හරි නෑ නේ…  පොඩ්ඩක් චාන්ස් එකක් දෙන්න තිබුණනෙ වගේ කතාවක්. “

“කාටත් නීතිය සමාන කරන්න. ඒක තමයි අපේ අභිලාෂය. ජනවරමේ අභිලාෂය එනකොට චුට්ටක් නමන්න කියන්න එපා. එහෙම කරන්න බෑ. “

අද හවසට බේල් දෙනවා… ඔයාලා ආතල් දෙන්න එපා අනේ… අර්චුනා කියයි

“අර්චුනාත් රනිල් අත් අඩංගුවට ගැනීම ගැන කතා කිරීමට නොව සුදාට බනින්නට මෙය අවස්ථාවක් කරගත්තේය.  . තමන්ට කුණුහරපෙන් බැන්න සුදාගේ යූ ටියුබ් වැඩසටහන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළත් අද වනතුරු  වැඩක් වුනේ නැති බව කී අර්චුනා අගමැතිනිට පහක් දාන්න යන,  ජනාධිපති සමග කදේ දාන සුදා ආණ්ඩුවේ රූකඩය බව පැවසුවේය.”

“ඔයාලා රනිල් ගන්නකොට ඔයාලටත් ආතල්. අපිටත් ආතල්. මෙහෙම අ  ආතල් දෙන්න එපා අනේ. අද හවස එයාට බේල් හම්බෙවනවානෙ. ඕකනේ ඇත්ත….”

අර්චුනා කීවේය. අද වැඩේ සාරංශය මේකය. ශ්‍රී ඉතිහාසයේ පළවෙනි වරට ජනාධිපති වරයෙක් අත් අඩංගුවට ගත්තේය. සුදාගේ කුණුහරප යූ ටියුබ් චැනලය ගොඩ ගියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් හමුවට

Next Post

රටම බලාගෙන ඉන්න තීන්දුව තවම ප්‍රමාදයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.