සමන්තිකා වීරවර්ධන –
ශ්‍රි ලංකාව තුළ මේ වන විට පැතිර යන නව කොවිඩ් වෛරසයේ බී 1 411 ප්‍රභේදයේ විකෘති ප්‍රභේද පිලිබඳ පරික්ෂණ අවුරුදු එළඹීමත් සමග නැවතී ඇතැයි වාර්තා වේ. අලුත් අවුරුද්ද ලැබීමෙන් පසු එම පර්යේෂණ නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ලබන 19 වෙනිදා නැවත එම පරීක්ෂණ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
කොවිඩ් වෛරසයේ බී1 411 ප්‍රභේදයේ විකෘතිතා කීපයක් පසුගිය දිනවල කරන ලද පරීක්ෂණයන්ගෙන් සොයා ගැනීමට හැකි වූ බව අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම නව විකෘති ප්‍රභේද සහිත නියදි සොයා ගෙන ඇත්තේ සපුගස්කන්ද, බත්තරමුල්ල, මන්නාරම, යාපනය, කොළඹ හා කෑගල්ල ප්‍රදේශයන්ගේ පදිංචි ආසාදිතයින්ගේ නියදි පරික්ෂා කිරීම්වලදී බවද ඔහු අනාවරණය කළේය.