මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නොහොත් බතල හීන් මහත්තයාගේ බිරියට අයත් බව කියන රුපියල් කෝටි 3කට ආසන්න දේපලක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ.
දැනට ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශය මුල් කරගෙන මහා පරිමාණ ගංජා ජාවාරම් කරන පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබිණි. මෙම පුද්ගලයාගේ දේපල සම්බන්ධව විමර්ශනයක් කළ නීති විරෝධී පත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මීට පෙර ඔහුට අයත් රුපියල් කෝටි 10ක දේපල ප්‍රමාණයක් තහනම් කර තිබිණි.
මෙම කෝටි තුනකට අධික වටිනාකම සහිත දේපල සම්බන්ධව අනාවරණය වන්නේ වැඩිදුර විමර්ශනවලදී ය. ඔහුගේ බිරියගේ නමින් මිදෙනිය ප්‍රදේශයේ මේ දේපල පවත්වාගෙන ගොස් තිබිණි.
ඊට ලක්ෂ 150ක් වටිනා ඉඩමක් සහ කඩ කඩාමර දෙකක් ද ලක්ෂ 75ක් බැගින් වටිනා ඉඩමක් සහ ගොඩනැගිලි දෙකක් ඇතුළත් විය.
ඊයෙ දිනයේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කළ දේපල පිළිබඳව මහාධිකරණයට දැනුම් දීමට නියමිතව ඇත.







