බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තිය ඉල්ලා වසර 11ක් නඩු කී ගුවන් සේවා නිලධාරියා නිදොස් කොට නිදහස්

by Lanka Sara Editor
ජූලි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනෝප්‍රිය ගුණසේකර

අත්අඩංගුවට ගත් තිදනකුට විශ්‍රාමික නීතිපතිවරයෙකු ගේ සේවය ගැනීම නිසා නඩු පවරන්නේ නැතිව නිදහස් කළ නීතිපතිවරයා විශ්‍රාමික නීතිපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ තමාට නඩු පැවරීම හේතුවෙන් අවුරුදු එකොළහක් නඩු කීමට සිදු වූ බව කියමින් අධිකරණයේ හඬාවැටුණු හිටපු ගුවන් සේවා නිලධාරියකු මීගමුව මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න මහත්මිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.

විශ්‍රාමික නීතිපතිවරයෙකුගේ සේවය ගත් මෙම වරදට සම්බන්ධ සියලු දෙනා නඩු පවරන්නේවත් නැතුව මුදාහල නීතිපතිවරයා ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණැයි කියන පදනම යටතේ ව්‍යාජ ලෙස පුද්ගලයන් විදේශ ගත කළ බවට තමාට පමණක් නඩු පැවරූ බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

තමාට සිදු වූ දේ මේ ලෝකෙ කිසිවකුටත් නොවේවා යයි විත්තිකූඩුවේ සිට ප්‍රාර්ථනා කළ තාරක මිහිනාථ නමැත්තෙකු සියලු චෝදනාවලින් මහේස්ත්‍රාත්වරිය මෙලෙස නිදොස් කොට නිදහස් කළාය.

2011 අගෝස්තු මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ව්‍යාජ වීසාවකින් අන්තෝනිමුත්තු ජෝන් බෙනඩික්ට් නැමැත්තාට නීතිවිරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවෙන් පිට වීම සඳහා ආධාර අනුබල දුන් බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවා නියෝජිත වරයකු වශයෙන් රාජකාරි කළ නාත්තණ්ඩියේ පදිංචි තාරක මිහි නාථ නමැත්තකුට එරෙහිව චෝදනා නගා ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කළ තාරක මිහිනාත නමැත්තා ශ්‍රී ලංකන් ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවා නියෝජිතවරයෙකු වශයෙන් කටුනායක ගුවන් තොටුපලේ රාජකාරි කළ තමාට පැවරී තිබුණේ විදේශගත වීමට පැමිණෙන පුද්ගලයන්ගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ටිකට්පත පරීක්ෂා කර ඔවුන්ට බෝඩිං පාස් එක නිකුත් කිරීම බවත් බෝඩිං පාස් එක ගත් පුද්ගලයන් ගුවන් යානයට නැගීමට පෙර ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන බවත් පැවසීය.

විත්තිකූඩුවේ සිට වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශය කරමින් තාරක මිහිනාත මහතා මෙසේද පැවසීය.

මෙම නඩුවට අදාළ දින ඉතාලියට යෑමට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු පසෙකින් වාඩි කරවා ඔහු පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා. පසුව කළ පරීක්ෂාවකදී ව්‍යාජ වීසා මඟින් ඉතාලියට යෑමට පැමිණි ඔහු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රහස් පොලිස් නිලධාරීන් විසින් අල්ලා ගත්තා. ගුවන් සේවා නිලධාරියෙකුගේ නමත් කියා ඔහු මට කෙටි පණිවිඩයක් එවා ඇද්දැයි රහස් පොලිස් නිලධාරීන් මගෙන් විමසුවත් මා දන්නේ නැතැයි කිව්වා.

නීතිවිරෝධී ආකාරයෙන් පුද්ගලයන්ට ඉතාලි යෑමට උදව් කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවා නිලධාරීන් තිදනකු මුලදී අත්අඩංගුවට ගත්තා. පසුව මා අත්අඩංගුවට ගත්තා. ඔවුන් විශ්‍රාමික නීතිපතිවරයකු ඔවුන්ගේ නඩුවට අල්ලා ගත්තා. ඒ විශ්‍රාමික නීතිපතිවරයා විදුහල්පතිවරයකු වූ මගේ පියාට කතා කර හත්දෙනාම නිදහස් කරලා දෙන්නම් කියා සල්ලි ඉල්ලා තිබුණා. එච්චර මුදල් තිබුණේ නැති නිසාත් මං වරදක් නොකරපු නිසාත් මගේ නඩුවට විශ්‍රාමික නීතිපතිවරයා ඇල්ලුවේ නැහැ. මට කෙටි පණිවිඩය එව්වැයි කියන ගුවන් සේවා නිලධාරියා ඇතුළු ලක්ෂ ගණනින් මුදල් බැංකු ගිණුම්වලට ලැබුණැයි කියන ගුවන්සේවා නිලධාරීන් තිදෙනාව නඩු පවරන්නේවත් නැතිව නීතිපතිවරයා විසින් නිදහස් කර කෙටි පණිවිඩයක් ලැබුණයි කියලා මට විතරක් නඩු පැවරුවා. නොකළ වරදකට අවුරුදු එකොළහක් මේ උසාවියට මං එනවා. මේ ගැන කල්පනා කරලා මගේ පියා අසනීප වෙලා. මේ වන විට පියාට සිහි කල්පනාවත් නැහැ.

නොකළ වරදකට මට විරුද්ධව පැවරුව නඩුව නිසා මට මගේ රස්සාවත් නැති වුණා. කුලී වැඩ කරලයි මං දැන් ජීවත් වෙන්නේ. මට සිදුවූ අසාධාරණය මේ ලෝකේ කිසිවකුටත් සිදු නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා අවුරුදු එකොළහකට පස්සෙවත් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

නඩු විභාගය අවසානයේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් ඉදිරිපත් වූ සාක්කි අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු ඉදිරිපත් කරමින් වසර 11ක කාලයක් තිස්සේ බරපතළ අසාධාරණයකට ලක් වූ තම සේවාදායකයාට සාධාරණයක් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු චෝදනාවලින් විත්තිකරු නිදොස්කොට නිදහස් කළාය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිනෙරු බණ්ඩාර මහතා සමඟ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.
(ලංකාදීප)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය ඉදිරිපිට කළුතර දිස්ත්‍රික් ඩෙංගු සහායකයින් මාරාන්තික උපවාසයක් අරඹයි…

Next Post

සුමන්තිරන්ට නැති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා නීතිඥ සංගමයෙන් ඇයි මට?… හේතුව සරත් වීරසේකර ලියා දන්වයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.