මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධවලට සම්බන්ධ කිසිවෙක් තවදුරටත් සැඟවී නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක දන්වා සිටියේය.
සියලුම රාජ්‍ය ආයතන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ, එක් කොට මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ජාතික මෙහෙයුම් මධ්‍යස්තානයක් නිර්මාණය කර, ග්‍රාමසේවා වසම දක්වා විහිදී ගිය ජනතා බලවේගයක් නිර්මාණය කර පාතාලයට සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ කළු රාජ්‍ය අනිවාර්යයෙන් විනාශ කරන බව සහතික වුන ජනාධිපතිවරයා මත්කුඩු ජාවාරම් කරුවන්ට යටත් වෙන ලෙස දන්වා සිටියේය.
අද (30) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති “රටම එකට ” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් විෂ මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා රජය දියත් කළ ජාතික මෙහෙයුමවන රටම එකට ජාතික වැඩසටහන සඳහා සර්ව ආගමික පූජකවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, කැබිනට් ඇමතිවරු, ප්‍රකට කීඩකයින්, කලා කරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ජනමත නායකයින් විශාල ප්‍රමාණයක් එක් වී සිටියහ.
සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ යටි බිම්ගත අපරාධ රාජ්‍යයේ මුල් රාජ්‍ය යාන්ත්‍රණයේ උත්තරිතර නීතිය පසිඳලන ස්ථාන දක්වා විදිහිදී ඇති ආකාරය හෙළි වී ඇති බවය.
පොලිසිය, ආරක්ෂක අංශ, අගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ආයතනය ඇතුළු සියලුම රාජ්‍යයට සම්බන්ධ ආයතනවල අපරාධ ජාලයට සම්බන්ධ වූවන්ට අවසාන වශයෙන් අද ප්‍රකාශ කළේ ස්වේච්ඡාවෙන් සිය අපරාධ සංස්කෘතියෙන් ඉවත්වන ලෙසය.
අපරාධකරුවෙකුට අපරාධයට පෙළඹෙන ආකාරය ගැන සිතා ගත හැකි නමුත් ජනතා බදු මුදලින් යැපෙන රාජ්‍යයේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් පවතින ආයතනවල නිලධාරීාන් අපරාධ යාන්ත්‍රණයේ නියමුවන් වීම මහා ඛේදවාචකයක් බවය.
ජාවාරම් කරුවන් සියලු දෙනාම හුදකලා වී හෙළිදරවු වීමට නියමිත බව අනාවරණය කළ ජනාධිපතිවරයා තවදුරටත් මේ අපාරාධකාර පාතාලයන්ට දේශපාලන රැකවරණය නම් නොලැබෙන බවට සහතික වුනේය.
“තියෙන්න පුලුවන් ජනතා රාජ්‍යයක් විතරයි. කළු රාජ්‍යයක් තියෙන්න බෑ. එ් කළු රාජ්‍යය තවදුරටත් ක්‍රියාත්මක වෙන්න දෙන්නෙ නෑ. මත්ද්‍රව්‍ය විකුණන අයට කියන්නේ… නවත්වන්න. භාවිතා කරන අයට කියෙන්නේ. ඉවත් වෙන්න. මත්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න… අපි ඔබව බලාන්න ලෑස්තියි. අපේ දරුවන් කිසිවෙක් තනි තනියම මේ ව්‍යසනයට කිසිසේත්ම වගකිව යුතු නෑ. ඒයින් පංගුවක් අපට තියනවා. අපිට බැරි වි තිබනවා යහපත් ක්‍රීඩා සංස්කෘතියක් හදන්න. සාහිත්‍ය සහ සංස්කෘතික පුද්ගලයෙක් හදන්න…”
“මත් ද්‍රව්‍යවලින් ඉවත් වෙන දරුවන්ගේ පුනරුත්ථාපනයේ වගකීම අප ගන්නවා. දරුවා ගෙනත් භාර දෙන්න. අපි ඔබට නැති වුන දරුවා සොයා දෙන්නම්. ඒ දරුවා නැවත ඔබලාට ලබා දෙන්නම්. මේ විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියට අය වැය ලේඛනයෙන් විශාල මුදලක් වැය කරන්න අපි තීරණය කරලා තියනවා. “
ජනාධිපතිවරයා අවසාන වශයෙන් මෙසේ කීවේය.
“විකුණන අයට කියන්නේ. යටත් වෙන්න. අපි පොලිස්යත් අපේ ත්‍රිවිද හමුදාවත්, බුද්ධි අංශත් රේගුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර්රථ ප්‍රවාහ දෙපාර්තමේන්තුව සියලුම විශේෂ කණ්ඩායම් සම්බන්ධ කරලා සියල්ල ඒකාබද්ධ කරලා ජාතික මෙහෙුම් මධ්‍යස්ථානයක් හදනවා. “.
“කිසිවෙකුට තවදුරටත් සැඟ වෙන්න බෑ. රට පැනලා ඉන්නවා. පැනපු රටත් දන්නවා. ඉන්න තැනත් දන්නවා. කිසිවෙකුට සැඟවී පලා යන්න දෙන්න්න නෑ. ඉතා කුඩා කල්ලියකට රටේ පාලනය දෙනවා නම් අපි කවුද? ගමේ අය කියනවා එහෙම උනොත් උන්ට ගියපු රට කියලා. “
“මේක උන්ට ගියපු රට නොවන බව මතක තියාගන්න. “
ජනාධිපතිවරයා කීවේ මේ රටේ පොලිසිය ඉතාම දක්ෂ සහ බුද්ධිමත් බවත් නොවිසඳුනු අපරාධයක් වේ නම් ඒ දේශපාලන බලපෑමක් නිසා බවත්ය. මින් ඉදිරියට කිසිම දේශපාලන බලපෑමක් මතු නොවන බවත්, පොලිසියට අවශ්‍ය ස්වාධීනත්වය, බලය සහ පහසුකම් විමර්ශන සඳහා රජය ලෙස සපයා ඇති බවත්ය.
.”මෙහිදී මා හිතනවා ප්‍රධානම මෙහෙයුම තමයි උඩ සිට ගම් දක්වා අප ගොඩනගන ජනතා ව්‍යාපරය. ඒ ජනතා ව්‍යාපාරය අප හදනවා. ගමේ අපරාධකරුවා හුදකලා කරනවා. උඩ සිට පහළ දක්වා ග්‍රාමසේවා වසම දක්වා විහිදුන මේ මහජන ව්‍යාපාරයක් තමයි ව්‍යසනයට එරෙහි බලවේගය වෙන්නේ.”
“ නැවත කියන්නේ . ලොල්වුන අයට ඉවත් වෙන්න. විකුණන අයට කියන්නේ යටත් වෙන්න.. මේ මායාකාරී කුණාටුව අපේ සමාජය නිදහස් කරගන්නව. ඒ වෙනුවේන අපි එකතු වෙමු.” ජනපතිවරයා කීවේය.







