ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ දි වී වගාකොට ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5323.17ක් දක්වා අඩුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.ඩි.කේ එස්. සිරිවර්ධන පවසයි.
මෙවර යල කන්නයේ දි කුඹුරු හෙක්ටයාර් 11589ක වි වගාකිරිම සදහා ඉලක්ක කළ බවද නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.
එහෙත් ඉලක්කගත බිම් ප්‍රමණයෙන් මෙවර වි වගාකොට ඇත්තේ සියයට පනහක් පමණක් බවද ඔහු සදහන් කළේය.
සෑම යල කන්නයකම පාහේ වි වගා කරනු ලබන බිම් ප්‍රමාණයේ අඩුවක් පවතින බව සදහන් කළ පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් වි වගාකරණු ලබන්නේ පවුලේ පරිභෝජනය සදහා අර්ධ කාලින ගොවින් බවද හෙතෙම පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවින්ට අවශ්‍ය බිජ වී නිෂ්පාදනය කොට තිබු බවත් අවශ්‍ය පොහොර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් බවත් සැපයුම්වල කිසිදු අවහිරතාවයක් ඇති නොවු බවත් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
කෙසේවුවද ගොවින් පවසන්නේ නිෂ්පාදන පිරිවැය ඉහළයාම, වි සඳහා සාධාරණ මිලක් නොමැතිවිම අදි හේතු නිසා වි වගාකරණ බිම් ප්‍රමාණය අඩුවි ඇති බවය.