සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදලාලි 09 වසර සිසුවාට රුපියල් 100 ගානේ හොර සිගරට් විකුණලා… සිසුවා 200 ගානේ යාලුවන්ට විකුණලා… රස කැවු හොර සිගරට් එක්ක මුදලාලි අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල අධ්‍යපන කලාපයට අයත් ප්‍රධාන පාසලක සිසුවෙකුගෙන් ලද තොරතුරක් මත තීරුබදු රහිතව රටට ගෙන්වා  විදෙස් දුම්වැටි අලෙවි කළ සුරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඊයේ (17 ) රාත්‍රි සූරියවැව පොලිස් ස්ථානයට බාර දි තිබේ.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

තණමල්විල පිහිටි එක්තරා ප්‍රධාන පාසලක 11 වසරේ ඉගෙනුම ලබන දරුවෙකු ඉතා සුක්ෂම ලෙස ඇපල් ,බනානා, ස්ටෝබෙරි වැනි විවිධ රස ගන්වන ලද විදෙස් දුම් වැටි පාසලේ 09 වසරේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකු වෙත අලෙවි කර තිබේ.

මේ පිළිබදව තවත් සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකල දැනුම් දීමකට අනුව විදුහල්පති වරයා විසින් අදාල සිසුන් ගෙන්වා පරීක්ෂා කර ඇත. එහිදී එක් සිසුවෙකු සන්තකයේ තිබී මෙම විදෙස් දුම්වැටි දෙකක් සොයාගෙන තිබේ.

පසුව විදුහල්පතිවරයා විසින් මේ පිළිබදව තණමල්විල මුලස්ථාන පොලිස් පරික්ෂක වරයා දැනුවත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වු තණමල්විල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා එම අවස්ථාවේදීම පොලිස් කණ්ඩායමක් පොලිස් ස්ථානයට පිටත් කර යවා විදුහල්පති වරයාගෙන් මෙන්න ළමුන් තිදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එහිදී එක් සිසුවෙකු පවසා ඇත්තේ තමන් උපකාරක පන්තියක් සඳහා සූරියවැවට යන බවත් එහිදි සුරියවැව නගරයේ බස් නැවතුම පිටුපස ඇති සිල්ලර කඩයකින් මෙම දුම්වැටි මිළදි ගන්නා බවත්ය. ඒ අනුව ඌව පළාතාභාර උසස් පොලිස් නිලධාරින් මේ පිළිබදව දැනුවත් කිරිමෙන් පසු ඔවුන්ගේ උපදෙස් පරිදි සිසුවාද සමග තණමල්විල පොලිස් නිළධාරීන් කණ්ඩායමක් සූරියවැව ප්‍රදේශයේ පිහිටි අදාල වෙළදසැල වටලා තිබේ.

එම අවස්ථාවේදී සූරියවැව පිහිටි වෙළදසැලේ තිබී විදෙස් දුම්වැටි 690ක් හා දුම් වැටි අලෙවියෙන් උපයාගෙන තිබූ රුපියල් තුන් ලක්ෂ අසූ අටදහස් පන්සිය අනුවක මුදලක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් හා දුම්වැටි සමග සූරියවැව නව නගරයේ පදිංචි 38 හැවිරිදි  වෙළද සැලේ හිමිකරුද තීරුබදු රහිත විදෙස් දුම් වැටි අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බනධයෙන් සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ මිට පෙරද අවස්ථා කිහිපයකදිම මෙවැනි නිති විරෝධී දුම්වැටි අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

සැකකාර පුද්ගලයා මෙම විවිධ රසකාරක සහිත දුම් වැටියක් රුපියල් 100ක මුදලකට අලෙවි කර ඇති අතර අදාල සිසුවා එක් දුම් වැටියක් රුපියල් 200 බැගින් පාසල තුළ අලෙවි කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා  හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට   තණමල්විල පොලිසිය විසින් සූරියවැව පොලිසියට බාර දි තිබේ.

ඌව පළාතබාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේසෂ් සේනාරත්න, මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් එම්.ගුණවර්ධන ,තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාරගේ  උපදෙස් පරිදි තණ්මල්විල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින, පොලිස් සැරයන් වරුන් වන (40156)තුමාරරත්න,(104486) භවන්ත,(5250)පද්මසිරි,පොලිස් කොස්තාපල් වරුන් වන (19556) ලක්ෂාන් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනකට වකුගඩු මරණ 05ක්… අවුරුද්දට 1600ක්…

Next Post

සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ ඔක්තොම්බර් 02 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.