මිද්දේණිය ප්‍රදේශයෙන් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය සහිත බව කියන කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කීපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාල කන්ටේනර් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ රේගු දෙපාර්තමේන්තුවේ පරීක්ෂා කිරීමෙන් පසු නිදහස් කළ බවය.
කන්ටේනර්වලින් ලබා ගත් සාම්පල රේගු රසායනාගාරයේ දී පරීක්ෂා කර ඇති බවත් ඒවායේ සැක කටයුතු ද්‍රව්‍ය නැති බව රේගු දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
පොලිසිය පැවසුවේ රේගු දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණ සලකා රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ලිඛිත නියෝගයකින් අදාල කන්ටේනර් නිදහස් කිරීමට බාධාවක් නැති බව දැනුම් දී ඇති බවය.
එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය පර්යේෂණ කට්ටල උපයෝගී කරගෙන සාම්පල නැවත පරීක්ෂාවක් සිදුකර නැතැයි අනාවරණය වී තිබේ.
පසුගිය දා බැකෝ සමන් නැමැත්තා අත් අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණය කරගන්නා ලද මිද්දෙනියට යොමු කළ මෙම කන්ටෙන්ර් සොයා ගැනුණි.







