දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළාක් මෙන් තමන් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බව පොදු ජන පෙරමුණේ අනුරාධපුර සංවිධායක තිස්ස කුට්ටිආරච්චි පවසයි.
නාමල් රාජපක්ෂගේ නිල නොලත් ජනාධිපති තමන් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව තිස්ස කුට්ටිආරච්චි අද (29) අනුරාධපුර පෙරමියන්කුලම ප්‍රදේශයේ දී පාක්ෂිකයින් පිරිසක් හමුවෙමින් මේ බව ප්‍රකාශ කළේය. තමන්ට ප්‍රවේශමෙන් කතා කරන්නට කියමින් තමන්ව විවේචනය කළ සියලු දෙනාටම දරුණු දෝෂාරෝපණයක් කරමින් තිස්ස කුට්ටිආරච්චි පැවැත්වූ කතාව අතර ඔහු මෙසේ ද පැවසුවේය.
එක්කෙනෙක් මම දැක්ක කියනවා මහින්ද රාජපක්ෂගේ නම විකුණන්න නාමල් රාජපක්ෂගේ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ කියලා. ඔව්… ඒ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ තමයි. නාමල් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ නම විකුණන් ඇති. පස් පර්මිට් වැලි පර්මිට් ගල් පර්මිට් ගන්න ඇති. නාමල් රාජපක්ෂගේ නම විකුණගෙන වැව් පිටිය අල්ලන්න ඇති… හොඳට හරි නරකට හරි මුදල් හම්බ කරන්න ඇති. චන්ද්‍රසේනලා අපට කෙළලා ගියා. නාමල් රාජපක්ෂ එක්ක එකට කෝපි එක බිව්ව ශෙහාන් සේමසිංහ අපට කෙළලා ගියා. හැත්ත බුරුත්තම ගියා. එකෙක් ඉතිරු වුනේ නෑ බේරගන්න.
ඒ වෙලාවෙදි තමයි තිස්ස කුට්ටිආරච්චිට මේක බාර දුන්නේ. එයා මගේ ලඟම හිතවතා. එයා මගේ යාළුවා. එයා ජනාධිපති වෙච්චි දවසට මම නිල නොලත් ජනාධිපති වෙනවා කියලා කියලා තියෙන්නේ.
මට කියන්න තියෙන්නේ නාමල් ජනාධිපති වුනාම අගමැති වෙන්න ඉන්න කට්ටිය අගමැති සිහිනවල ඉන්න. කැබිනට් ඇමති කම් හිතන් ඉන්න අය කැබිනට් ඇමතිකම් ගන්න. රාජ්‍ය ඇමතිකම් සභාපතිකම් අර තනතුරු මේ තනතුරු සියල්ල ගන්ඩ. තිස්ස කුට්ටිආරච්චිට නිල තලවලින් වැඩක් නෑ
නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරවීම සඳහා උඹලා ඇතුළෙන් එළියෙන් පිටින් ඕනෑ විදිහකට තිස්ස කුට්ටි ආරච්චි අවලාද කරපල්ලා. නාමල් රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවලා මිස තිස්ස කුට්ටිආරච්චිගේ මේ ගේම් එක අතහරින්නේ නෑ කියලා මම කියනවා.
තිස්ස කුට්ටිආරච්චිට එන්න දෙනනේ නෑ කිවුවා අනුරාධපුරේට. ඇයි. තිස්ස කුට්ටිආරච්චි දැන් අනුරාධපුරේ. සුනඛයා බිරුවට කන්ද පාත් වෙන්නේ නෑ.
දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළා වගේම මේ තිස්ස කුට්ටිආරච්චි පක්ෂයේ සහ රටේ ජාතියේ ප්‍රතිපත්ති පාවා නොදී ආරක්ෂා කරනවා කියන කාරණාව මතක් කරනවා.







