සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මිත්‍ර විභූෂණ” සම්මානය ගැන මෝදි සතුටෙන්…

"මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම මට මහත් ගෞරවයක් " මෝදි කියයි...

by editor
අප්‍රේල් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දියානු ජනතාවට ලැබුණු සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා රජයට හා ජනතාවට තම ආචාරය පුද කරන බවත් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි  පැවසීය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි   මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක   සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීය.

භාරතය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතාවයක් සහ ගැඹුරු මිත්‍රත්වයක් ඇති බවත්, 2019 වසරේදී ගියවර සිදුවූ සංචාරය අතිශය සංවේදී කාලයක සිදුවූ බවත් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, අගමැති ලෙස මෙය තමාගේ 04 වන ශ්‍රී ලංකා සංචාරය බව ද සිහිපත් ක‍ළේය.

ජනතාව‌ගේ නිර්භීතභාවය හා ධෛර්යය පිළිබඳව තමා දැන සිටි හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව යළි ගොඩනැඟෙනු ඇතැයි කියා තමා විශ්වාස කළ බවත් එහිදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාව නැවත ප්‍රගතියේ මාවතට ප්‍රවිශ්ට වී සිටිනු දැක තමා සතුටට පත්වන බවද ශ්‍රී නරේන්ද්‍ර මෝදි   පෙන්වා දුන්නේය.

භාරතයට සාඩම්බරයට කාරණයක් වනුයේ ගෞරවාන්විත මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් ඉටු කළ යුතු යුතුකම ඉටු කිරීමට හැකි වීම බවද, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා පසුව පැමිණි ආර්ථික අර්බුදය යන සියලු අවස්ථාවන්හි තම රජය ශ්‍රී ලංකා ජනතාව සමඟ එකට එක්ව සිට කටයුතු කළ බව ද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

‘තිරුවලුවර්’ නම් කවියාගේ වදනක් උපුටා දක්වමින් ශ්‍රී නරේන්ද්‍ර මෝදි  පෙන්වා දුන්නේ සත්‍ය මිතුරෙකු සහ ඔහුගේ මිත්‍රත්වයට වඩා වෙනත් සුරක්ෂාවක් නොමැති බවයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක   ඔහුගේ පළමූ විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ පිළිබිඹුවක් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පළමු විදෙස් මිතුරා වන්නට තමන්ට අවස්ථාව ලැබුණු බවත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

භාරතයේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය තුළ හා මහාසාගර් දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවත් පැවසූ මෝදි  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ   ඉන්දියානු සංචාරයෙන් පසු පසුගිය මාස 04ක කාලය තුළ දෙරට අතර සහයෝගිතාවයේ ඉහළ ප්‍රගතියක් ඇතිවූ බවද පැවසීය.

සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතියේ සිට ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම දක්වා දෙදෙරට අතර ඇතිවූ සහයෝගිතාවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට ලැබෙනු ඇතැයිද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අධිවෝල්ටීය ජාල සබඳතාව පිළිබඳ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට අවස්ථාවක් උදාවනු ඇති බවද, ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය පැනල 5000ක් ස්ථාපනය කිරීමට ලැබීම මහත් සතුටක් බව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි  පැවසීය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට ද ඉන්දියාවේ සහාය ලබාදෙන බවද, ජනතාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.4ක ප්‍රදානයක් ලබාදීමටත් තමා කටයුතු කළ බව පැවසූ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ගොවීන්ගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීමට ඉන්දියානු රජය සහාය ලබා දුන් බව ද පෙන්වා දුන්නේය.

හෙට දිනයේදී තමා නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය මෙන්ම මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමට සහභාගි වන බවද, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දමිළ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමට සහ ශ්‍රී ලංකාවේ විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන යොවුන් නායකයන් 700කට යහපාලන පුහුණු වැඩසටහන් සඳහා ඉන්දීය රජයේ සහාය ලබා දෙන බවද  ප්‍රකාශ කළේය.

භාරතයේ (සබ්බා සාත් – සබ්බා විකාස්) දැක්ම අනුව, තමන් අසල්වැසි දේශයන්වල ප්‍රගතියට සහාය ලබාදෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර ඇති බවත් පැවසූ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහායක් සහ මාර්ගයක් ලැබෙනු ඇති බවද ප්‍රකාශ කළේය.

භාරතය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක ආධ්‍යාත්මික සහ ආත්මීය සබඳතාවයක් ඇති බව ද, එය තහවුරු කරමින් 1960දී ගුජ්රාත්වලින් හමුවූ බුදුන් වහන්සේගේ ධාතු බැතුමතුන්ට වැඳපුදා ගැනීමට සැලැස්වීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එසේම ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම්, අනුරාධපුර පූජනීය නගරය, සීතාඑළිය කෝවිල යන ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ඉන්දියාවේ සහාය ලබා දෙන බව ශ්‍රී නරේන්ද්‍ර මෝදි   වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඉහළ රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක   ඇතුළු රජයට සිය ස්තුතිය පුද කර සිටින බව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ මෝදි”

Next Post

ට්‍රම්ප්ගේ ප්‍රහාරයෙන් බේරෙන හැටි හොයන විද්වත් කමිටුව සහ ජනපති අතර සාකච්ඡාවක්!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.