2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රා හතලිස් හයක් (46) සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් එක් දෙනෙකු (341) නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.
ඊයේ (26) දිනයේ දී ද මන්නාරමට, උතුරෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගෙන තිබිණි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් අට දෙනා (08) තලෙයිමන්නාරම වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.







