බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා කරන ජාතික ශාසනික ආගමික මෙහෙවර වැරදි නම් එල්ලා මරා දමන්න

අරිසිමලේ නා හිමි කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වයාට කියන කතාව.

by editor
මාර්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු  –

උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක රිසිමලේ ආරණ්‍ය  සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නාහිමියන්ය.  ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් වනසංහාරක චෝදනාව එල්ල කරත තිබුණේ උන්වහන්සේට ය. මේ චෝදනාව හා තමන්වහන්සේ මේ වනවිට ගැටෙන සමාජ පරිසරය පිළිබඳ හෙළි කිරීමට අරිසිමලේ නාහිමියෝ ලංකාසර සමග එක් වූහ. මේ සාකච්ඡාවය. 

  • දිනපතා මහා පුරාවස්තු සංහාරයක් වෙනවා… මෙගලිතික සොහොන් බිමක් පසුගිය දා ඩෝසර් උනා. ඒ වෙනුවෙන් අරගල කරනකොට අන්තවාදීන්ගෙන් ජීවිත තර්ජන…
  • මහා වනසංහාරයක් එළිපිට වෙනවා. ඒ සංහාරකයන් ගැන කතා කරන්නෙ නෑ. ඒ වෙනුවෙන් හඬක් නගන මා වන සංහාරකයෙක් වෙලා… 

ප්‍රශ්නය –  මේ වන විට කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක සහ නැගෙනහිර පළාත් පුරා සිදුවෙමින් පවතින පුරාවස්තු හානිය කෙබඳුද?

පිළිතුර -.  අති විශාල වශයෙන් පුරාවස්තු සංහාරයක් සිදු වෙමින් තිබෙනවා. අපගේ මැදිහත්වීම හරහා යම් තරමකින් පාලනය කිරීමට හැකිව තිබෙනවා. මීට මාස පහකට  පෙර ඉඳන් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාගැබක් විනාශ කරනවා කියලා ලැබුණු තොරතුරක් මත පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ හමුදාව සමග ගිහින් බලද්දි විශාල දාගැබක් විනාශ කරලා තිබ්බා. අපි එය ආරක්ෂා කරගන්න විශාල සටනක් කළා. ඒ වගේම මේ වෙනවිට රහසිගතව වනාන්තරයට යට වෙච්ච සහ අවට ප්‍රදේශය පුරා තිබෙන පූරා වස්තු දිනෙන් දින විනාශ කරමින් සිටිනවා.

හඳුනාගන්නා ලද පුරාවස්තු තියෙන ස්ථාන තවමත් ගැසට් කර නැහැ. ඇතැම් ඒවා මැනලා වෙන් කරල තියනවා. ඒවා ස්මාරක විදිහට  ගැසට් කරලා නෑ. නමුත් වසර දහයක් යනකම්  මැන ගන්න බැරිවෙච්ච පුරාවිද්‍යා ස්ථාන මේ වෙද්දි මැන ගන්න ලැබුණා. නමුත් ගැටලුව ඒවා ගැසට් කර කිරීමට නොහැකි වීමයි..

ඒ වගේම යාන් ඔය නිම්නයේ ප්‍රාග් ඓතිහාසික මෙගතිලික සුසාන භූමි බොහොමයක් තිබෙනවා.  මේ වන විට එම මෙගතිලක  සුසාන භූමි තියෙන ප්‍රදේශය ඩොසර්  කරලා විනාශ කරලා තිබෙනවා. එවැනි තැන් විශාල ප්‍රමාණයක් මේ වනවිට විනාශ වෙමින් තිබෙනවා. අපි උත්සාහ කරමින් සිටිනවා මෙවැනි පුරා විද්‍යාත්මක වටිනා කම් ඇති උරුමයන් ආරක්ෂා කර ගන්න. අපිට හැකි උපරිම ආකාරයෙන් අන්තවාදීන්ගේ දැඩි පීඩන හා බලපෑම් මත තමයි මේවා කරන්නේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ප්‍රශ්නය –  පුරාවිද්‍යා ස්ථාන රැක  ගැනීම සඳහා පුරාවිද්‍යාවෙන් ලැබෙන සහය කෙබඳුද?  

පිළිතුර- ඒ සඳහා පුරාවිද්‍යා මැදිහත්වීම අඩුයි. එයට කරුණු කීපයක් බලපානවා. පුරාවිද්‍යා සේවක පිරිස අඩු වීම රජයෙන් අදාළ පහසුකම් නිසි ලෙස නොලැබීම අඩුම තරමේ යතුරු පැදියක් ඇතිළු වාහන පහසුකම් නිසි පරිදි තිබේ නම් එම ස්ථානයට යෑමට ඔවූන්ට හැකිව තිබෙනවා. එවැනි අඩුපාඩු තිබෙනවා. කෙසේ නමුත්මේ  ප්‍රදේශය පුරාවස්තු හානි ඉතා බරපතළ මට්ටමින් තියෙනවා.  ඒ නිසා මොන බාධක තිබ්බත් පුරාවිද්‍යාවේ නිලධාරීන්  මීට වඩා දැඩි අවධානයෙන් කැපවීමෙන් සහ දැඩි වගකීමකින් ක්‍රියා කළ යුතුයි.

පුරාවිද්‍යාව රකින්න බලාපොරොත්තු මුළින්ම  මඩකලපු දිස්ත්‍රික්කය පුරාවිද්‍යා ස්ථාන ටික.ඒක කරලා අම්පාර දිස්ත්‍රික් ඉදිරි පුරාවිද්‍යා ගැටළු අවසන් කරලා  තමයි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට පැමිණිලා ඒ පුරාවිද්‍යා ගැටළු විසඳන්න හදන්නේ. මේ වන විට මඩකලපු පුරාවස්තු ගැටලුත් විසදන්න බැරි වෙලයි තියෙන්නෙ  අම්පාර  ගැටළු විසදා එද්දී ආණ්ඩුවේ කාලේ ඉවර වෙන්න පුළුවන්.

ප්‍රශ්නය –   ඔබ වහන්සේ පුරාවිද්‍යාව උරුමයන් රකින්න හදපු කාර්ය සාධන බලකායේ ඉන්නවා. එකින් වැඩක් වෙන්නෙ නැද්ද?

පිළිතුර – ඔව් මම එම කාර්යය සාධන බලකායේ සිටිනවා. නමුත් මේ වන විට පුරා වස්තු හානිය අවසන් කරලා  රැක ගැනීමට නිසි පරිදි  කටයුතු සිදු වෙලා නෑ. කළ යුතු දේවල් නිසි වෙලාවට සිදු නොවුනහොත් අනාගතයේ පුරාවස්තු රැක ගැනීම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. ස්වාමීන් වහන්සේලා මගෙන් අහනවා, ඔබ වහන්සේ කාර්යසාධන බලකායේ ඉද ලා මොනාද කර ගත්තේ කියලා.

ප්‍රශ්නය -.  ඔබවහන්සේ කරන මෙහෙවරට එල්ලවන බලපෑම් කෙබඳුද?

මේ වෙනවිට හැකි උපරිම ආකාරයෙන් පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කරමින් බෞද්ධ උරුමය රැක ගැනීමට කැපවී කටයුතු කරමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වනසෙනසුන් 25ක් පමණ  පුරාවිද්‍යා හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා මාගේ ශිෂ්‍ය හිමිවරුන්ම එම ස්ථානවලට යොදවලා එම පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීමට කටයුතු කරමින් සිටිනවා. කුල දරුවන් 150කට අධික පිරිස සසුන් ගත කරමින් මා කරනා කටයුතුවලට අන්තවාදීන්ගෙන් ජීවිත තර්ජන පවා එල්ලවෙමින් තිබෙනවා.

ඇතැම් අවස්ථාවල ඇතැම් සංඝ මූලස්ථාන  මා පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීමට සිදු කරන්න වෙහෙස කාර්යය හෙළා දකිමින් මා වැරදිකරුවෙක් කරන්නට උත්සාහ කරමින් තිබෙනවා. එය ද විය යුත්තේ?.  දිගින් දිගටම  උතුරු නැගෙනහිර පුරාවස්තු සංහාරයක් සිදු වෙද්දී එයට එරෙහිව මා කටයුතු කරද්දි  ශාසනය රකින බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ගේ යුතුකම මෙයට සහයෝගය ලබාදීම නේද? කනගාටුවට කරුණ ඇතැම් සංඝ මූලස්ථාන පවා මා කරනා මෙහෙය හෙළා දකිමින් කටයුතු කරන එක.

ප්‍රශ්නය -. මෙම පළාතේ   වනය වනසන ජාවාරම් සිදුවනවාද?

පිළිතුර –  ඔව්… වන විනාසේ දරුණුවට සිදු වෙනවා. පසුගිය සමයේ මහා වන විනාශයක් මා නැගෙනහිර ආණ්ඩුකාර තුමියට දැනුවත් කර නතර කිරීමට කටයුතු කළා. ව්‍යාජ බලපත්‍ර හා ප්‍රකාශන ඔප්පු සකසාගෙන යම් කල්ලි හා කණ්ඩායම් අන්තවාදී දේශපාලන සහයෝගය මත රජයේ ඉඩම් ආක්‍රමණය කරනවා. ඒ අතර වන සම්පත විනාශ කරනවා. වන රක්ෂිතවල පවා බලපත්‍ර ලබා තිබෙනවා.

රක්ෂිත වනාන්තරවල පවා බලපත් අරන්  මායින් ගල්දාලා  ඉඩම් ආක්‍රමණය ජයටම සිද්ධ කරනවා. ආරක්ෂක ලේකම්තුමාගේ අවධානය මේ සඳහා යොමු විය යුතුයි.

ප්‍රශ්නය – පසුගියදා ආරක්ෂක ලේකම්තුමා වන විනාශ කළ හිමිනමක් පිළිබඳ පවසා තිබුණා.  එසේ කීවේ ඔබ වහන්සේට ද?

පිළිතුර – නමක් නොකියවා එම ප්‍රකාශ කර තිබ්බේ. ඒ නිසා මම ඒ ගැන සොයා බැලුවා. ඒ කුච්චවේලි ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමි,  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශාසන බල මන්ඩලයේ උප සභාපති හිමියන් ලෙස. ඒක මගේ වගකීමක් වුණා. එහිදී මට අවබෝධ වුනා මේ චෝදනා එල්ල කෙළේ මා ඉලක්ක කරගෙන බව.

බුද්ධ පුත්‍රයකු වශයෙන් සියලු දේ අත්හැරිලා තමයි සසුන් ගත වුනේ. අරිසිමලේ පුදබිමට එන හැමෝම දන්නවා අරිසිමලේ පුදබිමේ වැඩ කටයුතු සිදු වෙන්නෙ කෙලෙසද කියා. උපසපන් භික්ෂූන් වහන්සේලාට ගසක කොළයක් කඩන් න වත් අවසරයක් නෑ. අපි පරිසරයේ රැකගනිමින් පරිසරයට කිසිදු හානියක් නො කර  තමයි වනසෙනසුන් පවත්වාගෙන යන්නේ. ඉදිකිරීමක් සිදුකළත් ගස් කොළන් විනාස නොකර ඒවා සිදු කරන්නට උත්සාහ කරන්නේ.

මේ ආකාරයට අන්තවාදීන්ගෙන් සහ වන විනාශ කරුවන්ගෙන් පරිසරය  ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන මට එවැනි අභූත චෝදනා එල්ල කරනවා නම් ඒක කණගාටුවට කරුණක්. අපි අතින් යම්  වැරැද්දක් අඩුපාඩුවක් වෙලා  තියෙනවා නම් ඒ ගැන සොයා බලා රජයේ නීතිරීති අනුව කටයුතු කරන්න. කිසි ගැටලුවක් නෑ.  අන්තවාදීන්ගේ දැඩි තර්ජන ගර්ජන මැද දිවි හිමියෙන් මා කරන ජාතික ශාසනික ආගම මෙහෙවර වැරදි නම් මා එල්ලා මරා දමන්න.  මොන බාධක ආවත් මා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය සහ වන සම්පත රැකීමේ කටයුතු නතර කරන්නේ නෑ

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07යි… කොවිඩ් ආසාදිතයන් 317යි….

Next Post

වේල්ල වීදියට මළ සිරුර ගෙනා බුත්තල එස් අයි දිවි නසා ගනී

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.