මහා නායක හිමිවරුන්ට කරන ගරු කිරීමක් ලෙස තමන් විසින් පත්තිරිප්පුවේ හැඩයට තැනූ බුද්ධ මන්දිරය කඩා දැමූ බව එහි හිමිකරු ජානක සේනාධිපති ප්‍රකාශ කළේය.
කුරුණෑගල වදාකඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් පවතින බවට රට පුරා ආන්දෝලනාත්මක පුවත් ප්‍රචාරය වී අනතුරුව දියවඩන නිලමේ වරයා සහ මහා නායක හිමිවරුන් පොලිස්පතිවරයාට ලිඛිතව ඒ සම්බන්ධව දැනුම් දීමෙන් අනතුරුව තමන් මෙම පියවර ගත් බව ඔහු කීවේය.
පත්තිරිප්පුවේ හැඩය සහිත ඉදිකිරීම ඉවත් කළ පසු එම ස්ථානයේ සමාධි ප්‍රතිමාවක් තැන්පත් කරන බව ද ඔහු පවසා සිටියේය. තත්ත්වය මේ තරම් සංකිර්ණ වූයේ මෙම පුද්ගලයා ලෙස සුව කරන අනාගත බෝධිසත්ත්ව කෙනෙක් ලෙස පෙනී සිටීම නිසාත් ඔහුගේ අනුගාමිකයින් මෙම ස්ථානයට අනාගතයේ දී දළදාව වඩින බවට වූ මතයක් දැරීම නිසාත් බව වාර්තා වේ.
කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ස්ථානවල දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ හැඩයට ඉදි කළ ඉදිකිරීම් ඇති අතර ඉන් බොහෝමයක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාව සිටි අවධියේ ගම් උදාව භූමි තුළ ස්ථාපිත විය.







