ශ්‍රියානි විජේසිංහ –
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයට අමතරව නව සංගමයක් පිහිටුවීහට මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් විශාල පිරිසක් තීරණය කර ඇති බවත් එය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංසදය යනුවෙන් ලබන 5 වෙනිදා එළිදැක්වීම් නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
දැනට තිබෙන සංගමය මහජන සුභසිද්ධිය සඳහා යා යුුතු ගමන වෙනුවට පටු අරමුණු වෙනුවෙන් වෙනත් මාර්ගයක ගමන් කිරීමෙන් මහජන සුභසිද්ධිය නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් නව සංසදය ආරම්භ කිරිමට තීරණය කළ බව එම ප්‍රකාශකයා පැවසුවේය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ට සමාජය සහ මහජන සුභසිද්ධිය වෙනුවෙන් කළ හැකි කාර්යය භාර්යය විශාල බවත් මේ වන විට එම විශාල කාර්ය භාර්යය සිදුනොවෙමින් පවතින බවත් පෙන්වාදෙන එම ප්‍රකාශකයා නව සංසදය මගින් එම කාර්යය භාර්යය නියමිත පරිදි සිදුකිරිමට කටයුතු කරන බවද ලංකාසර වෙත පැවසුවේය.
නව සංසදයට එක්විමට මේ වන විටත් සංගමයේ සාමාජිකයන් 1000ට වැඩි පිරිසක් කැමැත්ත පලකර ඇති බවද පෙන්වා දෙන එම ප්‍රකාශකයා ලබන 5 වනදා වන විට සංගමය ප්‍රසිද්ධියට පත්කරන බවද පැවසුවේය.







