සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරානයේ මරාගෙන මැරෙන අවසන් තීන්දුව විය හැකි හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම…

by editor
ජූනි 23, 2025
in පුවත්
strait-of-hormuz
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමරිකානු ප්‍රහාරවලින් අනතුරුව ඉරානය හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සැලසුමකය. ඊයේ (22) ඉරාන පාර්ලිමේන්තුව ලෝකයේ වෙළෙඳ නෞකා යාත්‍රා කරන ප්‍රධාන මුහුදු මාර්ගයක් ආවරණය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අවසර දීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

එනම් ඉරානයට අයත් මෙම මුහුදු තීරය ඕනෑම අවස්ථාවක වසා දැමීමට දැන් ඉරානයට ජාතික අනුමැතිය ලැබී තිබේ. එම තීන්දුව බලාත්මකවීම තීරණය වන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ විධිමත් තීරණයක් මතය.

1979 ඉරාන විප්ලවයෙන් පසුව රටේ ඉස්ලාමීය පාලනය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද ඉරාන හමුදාවේ ශාඛාවක් මෙන්ම නායකත්වයේ වගකීම් සහගත ධාරාවක්වන IRGC පැවසුවේ මෙම පියවර තවමත් ඇත්තේ “න්‍යාය පත්‍රයේ” බවය. එම යෝජනාව “අවශ්‍ය විටෙක” ක්‍රියාත්මක කළ හැකි බවත් ඉරාන නායකත්වය තහවුරු කර තිබිණි.

මෙම ප්‍රවේශය ක්‍රියාත්මක වුවහොත් එය ගල්ෆ් කලාපයේ යුද්ධය ලෝක මට්ටමින් මැදිහත්වන බරපතල ගැටුමක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ පෙනෙමින් ඇත. එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය ඇතුළු එක්සත් ජනපදය සහ මිත්‍ර හමුදා හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ ඕනෑම උත්සාහයකට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හොඳින් ස්ථානගත වී සිටිති. ඉරානය යම් අවහිර කිරීමක් සිදුකළහොත් එය විසඳෙනු ඇත්තේ බටහිර ප්‍රජාවේ ඒකාබද්ධ ප්‍රහාරයකින් පසු සිදුවිය හැකි ගණනය කළ නොහැකි ව්‍යසනයකිනි.

strait of hormuz
හොමුස් සමුද්‍ර සන්ධිය

හොමුස් සමුද්‍ර සන්ධිය වැදගත් වන්නේ ඇයි?

හොමුස් සමුද්‍ර සන්ධිය යනු ඉරානය සහ ඕමානය අතර පිහිටි ප්‍රධානම වෙළෙඳ නෞකා මාර්ගයක වැදගත්ම කොටසකි. එහි පිවිසුම් දොරටු කිලෝමීටර 50 ක් පමණ පළලය. මැදින් කිලෝමීටර 40 ක් පමණ පටුය. සමුද්‍ර සන්ධියේ මැද කොටස පමණක් විශාල නැව්වලට ගමන් කළ හැකි තරම් ගැඹුරුය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ලෝක තෙල් සහ LNG සැපයුමෙන් 20% ක් පමණ ලෝකය වෙත දිනපතා බෙදා හැරෙන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති මෙම මාර්ගයෙනි. මුහුදු මාර්ග හරහා වසරකට ප්‍රවාහනය කරනු ලබන ඉන්ධනවල වත්කම ඩොලර් බිලියන 600 කට ආසන්නය.

මේ තත්ත්වය තුළ මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් හෝ සැලකිය යුතු බාධාවක් ඇති කිරීමෙන් ක්ෂණයකින් ගෝලීය සැපයුමට බරපතල බලපෑමක් කළ හැකිය.

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව උක්ත සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයේ පර්ලිමේන්තුව එකඟතාවය ලබා දුන් සැනයකින් ඩොලර් හැත්තෑ පහක ට ආසන්න මිලක සිට ඩොලර් අසූවකට ආසන්න මිලකට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස්ය. යම් හෙයකින් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා වූ සැපයුම් මාර්ගය වසා දැමුවහොත් ලෝකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සිට 150 තෙක් වැඩි විය හැකි බව විශ්ලේෂකයෝ අනතුරු අඟවා තිබේ.

එහි මූලික තත්ත්වයන් මේ වනවිට දිස් වෙමින් ඇත. යුධ තත්ත්වය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය මගහැරීම නිසා ඉන්ධන ප්‍රවාහනය ප්‍රමාද වීමම තෙල් මිල කෙටි කාලීනව ඉහළ ගොස් ඇත.

මේ තත්ත්වය ලෝකයේ උද්ධමන අවපාතයක් නිර්මාණය කළ හැකි අවදානමක් නිර්මාණය කර තිබේ. ඉන්ධන ඇතුළු සියලුම ආනයනික ද්‍රව්‍යවල මිල ඉහළ යනු ඇත. මෙය ගෝලීය ආර්ථික වර්ධන වේගය මන්දගාමී කරනු ඇතැයි IMF අවධාරණය කරයි.

strait of hormuz
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවක්…

එක්සත් ජනපදයට ඇති විය හැකි බලපෑම

එක්සත් ජනපදය බලශක්ති අපනයනකරුවෙකි. එබැවින් ඔවුන්ට හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඍජු බලපෑමක් ඇති නොකරනු ඇති බව පෙනේ. එක්සත් ජනපදය ජාතික පරිභෝජන සඳහා ගල්ප්ස් කලාපයෙන් ආනයනය කරන්නේ සමස්ථ පරිමාවෙන් සියයට 7කි.

නමුත් බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110 තෙක් ගිය විට ඇමරිකානුවන් ඉන්ධන ගැලුමක් සඳහා ඩොලර් එකක වැඩිපුර මිලක් දැරිය යුතුව ඇත. ප්‍රවාහන වියදම් ඉහළ යෑම, උද්ධමනය වර්ධනය වීම හරහා ලෝක ආර්ථිකයේ පීඩනය වක්‍ර ලෙස ඇමරිකාව මතත් පතිත වීම වැලැක්විය නොහැකිය.

මේ තීන්දුව ක්‍රියාත්මක වුවහොත් ලෝකය ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම පිළිබඳව විශ්ලේෂකයින්ගේ මත පළ වී තිබේ. නෞකා අප්‍රිකාව වටා දීර්ඝ ගමනක් යනු ඇත. කාලය සහ පිරිවැය ගණනය කිරීමේ දී මිල ගණන්වල සිදුවන දැවැන්ත වැඩිවීම මෙන්ම ඒ හරහා සිදුවන බලපෑම මත සැපයුම් දාමය කඩාකප්පල් වීම සිදුවීමට නියමිතව තිබේ. චීනය ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලට මේ තීන්දුව ඍජුවම බලපානු ඇත. එම රටවල ආර්ථික අරගලය නැවතත් එක්සත් ජනපද ආර්ථිකය මත දෝංකාරය වීම අපේක්ෂිතය.

මෙය සිදුවිය හැකිය ද?

බොහෝ විට එය අවසන්ම තීන්දුවක් වීමට ඉඩ තිබේ. හේතුව මේ අවහිර කිරීම යළිත් වරක් ඉරාන ආර්ථිකය මත දැවැන්ත බරක් පතිත විය හැකි බැවිනි. මුලින්ම පීඩාවට පත් වන්නේ ඉරාන අපනයන මාර්ගයන්ය. එමෙන්ම ශක්තිමත් එක්සත් ජනපද මිත්‍ර හමුදාවල ප්‍රතිරෝධය ඉරානයට හුදකලාව දරාගත නොහැකිය. ප්‍රායෝගික ඇත්ත එයය.

කෙසේ වෙතත් මේ වනවිටත් හොමුස් සමුද්‍ර සන්ධිය විවෘතය. තවමත් නිශ්චිත බාධක නැත . හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ තීරණයෙන් ඉරානය වළක්වාලීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ දැන් චීනයෙන් ඉල්ලා තිබේ. එසේ කිරීමට හේතුවක් ද තිබේ. ඉරානයෙන් වැඩිපුරම ඉන්ධන මිලදී ගනු ලබන්නේ   ඉරානය සමඟ ශක්තිමත් සබඳතා ඇති චීනය විසිනි. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් මුල්ම බරපතල අර්බුදය ඇති වන්නේ චීනයටය. එබැවින් ඉරානය හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ තීන්දුව ගනු ඇත්තේ මරාගෙ මැරෙන ප්‍රවේශයක් තුළ බව පැහැදිලිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ජානධිපති ලෙස සිදුකළ ප්‍රශ්නගත විදේශ සංචාරයක් ගැන CID විමර්ශනයක්…

Next Post

ලබන මාසේ අපේ තෙල් මිලත් වැඩිවෙනවා… ඒත් විශාල වශයෙන් නෙමෙයි… ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.