ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන මාසේ අපේ තෙල් මිලත් වැඩිවෙනවා… ඒත් විශාල වශයෙන් නෙමෙයි… ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියයි!

යුද්ධයත් සමග ලෝකයට ඇතිවන අහිතකර තත්ත්වයෙන් පංගුවක් අපටත් ලැබෙන්න නියමිතයි... බලශක්ති ඇමති රටට පවසයි...

by editor
ජූනි 23, 2025
in පුවත්
Increases-in-Petrol-Diesel-Price
Share on FacebookShare on Twitter

යුද්ධයත් සමග  දැන් සිදුවෙමින් ඇති මිල වැඩිවීම් අනුව ලබන මාසයේ තෙල් මිලට යම් බලපෑමක් එල්ල විය හැකි නමුත් එය විශාල පරිමාණයේ එකක් නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ මේ වනවිට ලබන මාසය සඳහා අවශ්‍ය තෙල් තොග රටට ලැබී ඇති බවය.

“සාමාන්‍ය තෙල් ගණනය කිරීම්වලදී මේ මාසයෙ ගණනය කිරීම්වල මිලෙහි සාමාන්‍ය තමයි ලබන මාසයේ මිල වෙන්නේ. ඒකෙ යම් වැඩිවීමක් තියනවා. ඒකේ ඇවරේජ් එකයි අපි ගන්නේ. ඒ ගණනය කිරීම්වල හැටියට ලබන මාසේ මිලට විශාල බලපෑමක් ක්ෂණිකව ඇති වෙන්නේ නෑ. ” ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේ දී ලංකාවට වැඩි වශයෙන් ඉන්ධන ලැබෙන්නට නියමිතව ඇත්තේ සිංගපූරුව ප්‍රමුඛ මැලේසියාව, තායිවානය, ඉන්දියාව වැනි රටවලින් බවය. වැඩිපුරම ඉන්ධන ප්‍රමාණයක් සිංගප්පූරුවෙන් ලැබෙන බව කී සභාපතිවරයා,  සිනොපැක්, අයි.ඕ.සී. ආර්.එම්.පාර්ක්, සමාගම් ද ඔවුන්ගේ සැපයුම් කරුවන් යුද කලාපයෙන් පිටත සිටින බව තහවුරු කළ බව ප්‍රකාශ කළේය.

“අපට ප්‍රශ්නය එන්නේ අපේ බොරතෙල්වලට. බොරතෙල්වල ඊලඟට එන නැවු දෙකම සහතික වෙලා තියෙන්නේ.” කී සභාපතිවරයා මේ වනවිට වෙනත් කලාපයකින් බොරතෙල් ආනයනය කළ හැකි ආකාරය විමසමින් සිටින බවත්, අප්‍රිකානු කලාපයේ බොරතෙල් සාම්පල ගෙන්වාගෙන අපට පිරිපහදු කළ හැකි සංයුතියක තිබේදැයි තහවුරු කරගැනීමට පර්යේෂණාගාරවෙත යොමු කර ඇතැයි ද සභාපතිවරයා පැවසුවේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඉදිරි තීරණ ගත යුතු වන්නේ යුද්ධය පවතින ආකාරය මත ලෝක වෙළෙඳපලේ සිදුවන වෙනස්වීම් අධ්‍යයනය කරමින් බව ද ඔහු පැවසුවේය.

විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසුවේත් ඉරාන- ඊශ්‍රයාල යුද්ධයත් සමග ලෝකයට ඇතිවන අහිතකර තත්ත්වයෙන් පංගුවක් අපටත් ලැබෙන්නට නියමිතබවය.

“අපි ඒ සඳහා අපේ පැත්තෙන් ගත හැකි පියවර අපි ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම යුද්ධය පවතින කාල වකවානුවේ තොග තෙල් ඒක රාශී කරගැනීම සඳහා යුදමය කලාපයෙන් බැහැරව අපට ඛණිජ තෙල් ලබා ගත හැකි සැපයුම්කරුවන් සමග සම්බන්ධතා ඇති කරගන්න උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරමින් ඉන්නවා.” ඇමතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරානයේ මරාගෙන මැරෙන අවසන් තීන්දුව විය හැකි හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම…

Next Post

ඉරානය කටාර්හි අල් උදෙයිඩ් එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරට පහර දෙයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.