සියලුම බෙදුම්කරුවන්ට නැවත යථා පරිදි ව්‍යාපාරය කරගෙන යන ලෙසට බෙදුම්කරුවන්ගේ සංගමය දැනුම් දී තිබේ.
එම සංගමයේ උප සභාපති කුසුම් සෙන්දනායක අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ තමන් ගත් තීන්දුව හේතුවෙන් මහජනතාවට හානියක් වූ ආකාරය අවබෝධ කරගත් බවත්, රජය පාර්ශවයෙන් සාකච්ඡාවකට ඉඩ සලසා ඇති බැවින් මෙම තීන්දුව ගන්නා බවත්ය.
මාධ්‍ය අමතා ඔහු මෙසේ පැවසුවේය.
“සියලුම බෙදුම්කරුවන්ට යථා පරිදි නැවත ව්‍යාපාරය පෙර පරිදිම කරගෙන යන්න කියලා දැනුම් දුන්නා. මොකද අපිට තේරුණා අපි ගත්ත තීරණය අනුව රටේ මහජනතාවට හානියක් වෙනවා කියලා.”
“අපිට කවුරුවත් කවුරුත් සාකච්ඡාවක් නොදීම තුළින් තමයි මේක මේතරම් දුරදිග ගියේ. දැන් ඒගොල්ලොත් තීරණය අරන් තියෙනවා මේක ඒකපාර්ශවීයව කරන්න බෑ… මේ අයත් එක්ක සාකච්ඡා කරලා තමයි කරන්න ඕනේ කියන එක. ”
“ඒ නිසා අපි ගරු කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාටත්. එතුමා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා හෙට උදේ 09ට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සියලුම බෙදුම්කරුවන්ට හැකි ඉක්මනින්ම පෙර පරිදිම ව්‍යාපාරයට එන්න ඇවිත් ඒ බෙදුම්කටයුතු පෙර පරිදිම කරගෙන යන්න කියලා”
.







