ඉන්ධන බෙදුම්කරුවන්ට ලබා දී ඇති අනීතික කොමිස් මුදල අඩු කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව විපක්ෂය කුලප්පු වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත් බවත්, තමන්ගේ බිස්නස්වල ලාභය අඩුවන විට කලබලවීම සාධාරණ බවත් විදේශ කටයුතු නියෝජය ඇමති අරුන් හේමචන්ද්‍ර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු ලේඛණ සහිතව කරුණු දක්වමින් හෙළි කළේ වත්මන් විපක්ෂයේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින් ට අයත් ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය 40කට අධික බවය.
එලෙස හඳුනා ගත් පෙට්‍රල් ෂෙඩ් 07ක් බස්නාහිර පළාත තුළ පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කතාවෙන් අනාවරණය විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, හර්ෂණ රාජකරුණා, කඩුවෙල හිටපු නගරාධිපති හා මැතිවරණ අපේක්ෂක වර්නන් ගුණරත්න ඒ අතර සිටින බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
දකුණු පලාතේ ඉන්ධන පිරවුම්හල් ලයිස්තුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාගේ නමත් ඇති ආකාරය අරූන් හේමචන්ද්‍ර පෙන්නුවේය.
පියසේන ගමගේ හිටපු ඇමතිවරයාගේ පුතුන්ට, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ සහෝදරයාට, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට, ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ සහෝදරයාට, දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකුට දකුණු පලාතේ ෂෙඩ් හිමි වී ඇති ආකාරය අනාවරණය වූයේය.
නැගෙනහිර පළාතේ ෂෙඩ් 04ක් මෙවැනි දේශපාලන සබඳතා මත පවත්වාගෙන යන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා හෙළි කළේය.
චාලස් නිර්මලනාදන්, කාදර් මස්තාන්ගේ සහෝරයින් ඇතුළු සිවු දෙනෙකුට උතුරු පළාතේ පෙට්‍රල් ෂේඩ් හිමිවී තිබිණි. .
උතුරු මැද පළාතේ දුමින්ද දිසානායක,ගේ සොයුරාට, කිංස් නෙල්සන් ගේ සොයුරාට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ධර්මප්‍රියගේ සොයුරාට, චන්දිම ගමගේ ගේ බිරියට උතුරු මැද පළාතේ ඉන්ධන පිරවුම්හල් හිමිය.
වයඹ පලාතේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතර ඉන්දික බණ්ඩාරනායකගේ සහෝදරයින් සහ මව, අකිල විරාජ් කාරියවසම් හිටපු අමාත්‍යවරයා ද ඇතුළත්ය.
හිටපු පළාත් සභා මන්ත්‍රී ඩීසීයූ ඉලේපෙරුමගේ ඉන්ධන පිරවුම්හලක් මධ්‍යම පළාතේ පවතී.
ඌව පළාතේ පෙට්‍රල් ෂෙඩ් හිමිකරු ලයිස්තුවේ රන්ජිත් බණ්ඩාරනායකගේ සම්බන්ධතාවය අනාවරණය වී ඇත. සබරගමුව පළාතේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතර පවිත්‍රා දේවී වන්නිආරච්චිගේ සහෝදරිය සිටී. ඇයට සබරගමුව පළාතේ පෙට්‍රල් ෂෙඩ් දෙක්ක හිමිය.
අරූන් හේමචන්ද්‍රන් පාර්ලිමේන්තුව අමතා ඒ සම්බන්ධව මෙසේ ද පැවසුවේය.
විපක්ෂය ඇයි මේ තරම් උනන්දු වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවා. මට ලැබුණා ලේඛනයක්. මේකත් මම සභාගත කරන්නම්. විපක්ෂයට අදාල දැන් වත්මන් හා හිටපු දේශපාලඥයින්ගේ මේ ලේඛනය.
මේ ලේඛනය පටන් ගන්නේ හයිටෙක් කාබන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. මේ ආයතනයට තියන දේශපාලන සම්බන්ධය හොයාගෙන බලද්දි මිසිස් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග. මිස්ට ප්‍රසන්න රණතුංග ඉන්නවා. වර්නනන් ගුණරත්න ඉන්නවා. කුමාර වෙල්ගම හිටපු මන්ත්‍රීවරයා ඉන්නවා. ඒ වගේම හර්ෂණ රාජකරුණා මන්ත්‍රී තුමා ඉන්නවා. හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පී.එස්.ඕ ඉන්නවා. ඒ වගේම ගත්තොත් පියසේන ගමගේ මහත්තයාගේ පුත්තුන්ගේ නමට තියනවා. ගාමිණී සෙනරත් මහත්තයාගේ සහෝදරයගෙ නමට තියනවා. ඒ වගේම ගයන්ත කරුණාතිලක මහත්තයගෙ සහෝදරයෙකුගෙ නමටත් තියනවා.
එහෙම තමයි වාර්තාව තියෙන්නේ.
මගේ දිස්ත්‍රික්කයේ ගත්තත් දේශපාලන අධිකාරියට සම්බන්ධ ඉන්ධන පිරවුම්හල් තියනවා. අකිල විරාජ් කාරියවසම් මැතිතුමාට තියනව. ඒ වගේම පළාත් සභාවේ හිටපු සභාපතිටත් පර්මිට් එකක් තියනවා. බොහෝ දේශපාලන සම්බන්ධකම් තියන අයට ෂෙඩ් තියනවා. පවිත්‍රා වන්නිආරච්චිගේ සහෝදරියට ෂෙඩ් දෙකක් තියනවා. නිලානි ධර්මදාසගෙ නමට ෂෙඩ් එකක් තියනවා. හොයාගෙන යද්දි ඒක රන්ජිත් මද්දුමබණ්ඩාරට සම්බන්ධයි. ඒක තමයි මේ ලේඛනයේ තියෙන්නේ.
එහෙම ගත්තොත් අද මේ විපක්ෂය කුලප්පු වෙන එක ඉතාම සාධාරණයි. තමන්ගේ බිස්නස්වලට ප්‍රශ්නයක් එනවිට කලබල වෙන්න ඕන නේ.. ඒක සාධාරණයි. ” නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.







