අත් අඩංගුවට ගත් රුපියල් කෝටි 500ක වටිනාකමකින් යුතු මත් ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 06 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව අද විමර්ශන අංශ ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය ආනයනය ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත සැකකරුවෝ අත් අඩංගුවට පත් වූහ.

ඒ අතර මේ යාත්‍රාව මෙහෙයවූ ප්‍රධාන සැකකරු ද අද ගාල්ලේ දී අත් අඩංගුවට ගැනුණි. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ මෙහෙයුමකදී ය.
අදාල සැකකරු දින 07ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇතැයි පොලිිසිය පැවසුවේය.
මෙම මෙහෙයුම නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත දිවයිනේ දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකරෙනි.
යාත්‍රාව සහ සැකකරුවන් රැගත් භට පිරිස් අද (02) අළුයම දික්ඕවිට වරාය වෙත පැමිණියේය.
එහිදී යාත්‍රාව තුළ වූ මලු 16ක් පරීක්ෂාවට ලක් කෙරිනි. ඒ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක් වී සිටියේය.
. එම ස්ථානයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංච බානගොඩ පැමිණියේය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද දික්ඕවිට වරායට පැමිණ මෙහෙයුමට නායකත්වය දුන් නිලධාරීන්ට සිය කෘතඥතාවය පල කළේය.







