බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශ හින්දු බැතිමතෙක් වූ දීපු චන්ද්‍ර දාස් ඝාතන සිද්ධියේ දේශපාලන ගින්න ලෝක කුසලාන තරගාවලියටත් ගිනි තබන හැටි!

by editor
ජනවාරි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල්කහටපිටිය –

පසුගිය දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයේ මයිමන්සිං   ප්‍රදේශයේදී සිදු වූ එම ශෝකජනක සිද්ධිය  සහ ඒ හා සම්බන්ධ දේශපාලනික තත්ත්වය  දැන් දකුණු ආසියානු   කලාපීය දේශපාලනයේ තීව්‍ර රැළි නන්වමින් තිබේ.

මේ සිද්ධියට මුල් වන්නේ   දීපු චන්ද්‍ර දාස් (Dipu Chandra Das) නමැති 25 හැවිරිදි හින්දු තරුණයෙකි. ඔහු 2025 දෙසැම්බර් 18 වන දින බංග්ලාදේශයේ මයිමන්සිං දිස්ත්‍රික්කයේදී ඝාතනයට ලක් විය. මේ ඝාතනය බංගලාදේශය තුළ රැළි නැගෙමින් තිබූ අභ්‍යන්තර ගැටුම පුපුරා ගියේ  බංග්ලාදේශයේ අන්තර්වාර රජය සහ ඉන්දියාව අතර සබඳතාවලට මෙන්ම කලාපීය දේශපාලනයට ද දැඩි බලපෑමක් එල්ල කරමිනි.

බංගලාදේශයේ මෙම මෑත කාලීන නොසන්සුන්තාවය උපදින්නේ මීට වසරකට පමණ ඉහතදීය.  2024 අගෝස්තුවේදී බංගලාදේශයේ පැවති  පාලනය මහජන කැරැල්ලක් හේතුවෙන් පෙරළී ගියේය. අගමැතිනී ෂීක් හසීනාගේ රජය බිඳ වැටිනි. ඇය දිවි බේරාගෙන රටෙන් පලා ගියාය.  ඒ ඇති වූ   දේශපාලන අස්ථාවරත්වය තුළ, සුළුතර ජන කොටස් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වීම ආරම්භ වූයේය.

බංගලාදේශය අන්වාදී කණ්ඩායම්වල දඩබිමක් වෙමින් තිබිණි. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත් පතුරුවමින්, ජනතාව කුපිත කරවා ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරවීමට මෙම කණඩායම් මෙහෙයුම් දියත් තළේය.

ඔවුන්ගේ ඉලක්කය වූ පිරිස් අතර ප්‍රමුඛව  බංග්ලාදේශයේ හින්දු භක්තිකයෝ  වූහ.  හින්දු භක්තිකයන්ට බංගලාදේශයේ මුස්ලිම් ජාතිකයින් විසින්  එල්ල කරන ප්‍රහාර  ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ ත්‍රිපුරා වැනි ප්‍රාන්තවල දේශපාලන නොසන්සුන්තාවක්  ඇති කළේය.  දීපු චන්ද්‍ර දාස්  නැමැති තරුණයා ඝාතනය වන්නේ මේ වටපිටාවට ගිනි තබමිනි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

දීපු චන්ද්‍ර දාස් යනු කවුද? ඔහු මරා දැමුවේ කෙසේද?

දීපු චන්ද්‍ර දාස් මයිමන්සිං හි තාරකාන්ඩා ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.    ඔහු ඇඟලුම් කර්මාන්තශාලා සේවකයෙකු ලෙස සේවය කළේය. පොලිස් වාර්තාවලට අනුව සිදුවීම මෙසේය.

දීපු චන්ද්‍රා දාස්    ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බවට (දේව අපහාස චෝදනාව)  කර්මාන්තශාලාව තුළ කටකතාවක් පැතිර ගොස් තිබුණි. අන්තවාදීන් මේ ආරංචියෙන් සිය අනුගාමිකයින් කුපිත කළේය.

දීපු චන්ද්‍ර දාස්  රැකියාව නිමවී එමින් සිටියදී 140-150 ක පමණ පිරිසකගෙන් සැදුම්ලත් ප්‍රචණ්ඩකාරී පිරිසක් ඔහු වටකර පන්න පන්නා පහර දී  දුන්හ.  අනතුරුව ඔහුව ගසක එල්ලා, සිරුරට ගිනි තබා ඩකා-මයිමන්සිං මහා මාර්ගය අසල දමා ගියහ.

බංග්ලාදේශ ආරක්ෂක අංශ (RAB) පසුව ප්‍රකාශ කළේ ඔහු දේව අපහාසයක් කළ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවය.  මෙය කර්මාන්තශාලාව තුළ පැවති පෞද්ගලික ආරවුලක් මත පදනම්ව සැලසුම් කරන ලද ප්‍රහාරයක් විය හැකි  බවද  ආරක්ෂක අංශ පැවසුවේය.

කොකෝන් දාස් ගේ ඝාතනය

කොකොන් දාස් ඝාතනය…

දීපු චන්ද්‍ර දාස් ගේ ඝාතනයෙන් ඇවිලී ගිය ගින්න ඉන්දියානු හින්දු ජාතිකයින්  දවා අලුත් වටයකින් ඇති වන්නේ කොකෝන් දාස් ගේ මරණයත් සමගය. දෙසැම්බර් 31 වැනිදා ප්‍රහාරයට ලක්වන  දාස් මිය යන්නේ සෙනසුරාදා (03) ය.

කොකෝන් චන්ද්‍රා දාස්  (50) බංග්ලාදේශයේ, ෂරියාත්පූර් දිස්ත්‍රික්කයේ දමුද්‍යා උපසිලියේ හින්දු ව්‍යාපාරිකයෙකි.   ඔහු ඖෂධ සාප්පුවක් සහ ජංගම බැංකු සේවාවක් පවත්වාගෙන ගියේය. සෙනසුරාදා  උදෑසන ඩකා හි ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ඔහු මිය යන්නේය. පොලිසිය සහ පවුලේ සාමාජිකයින්ට අනුව, බදාදා (31)  රාත්‍රියේ දමුද්‍යා හි තිලෝයි ප්‍රදේශයේදී  නිවසට පැමිණෙමින් සිටියදී  ඔහු ප්‍රහාරයට ලක් වී තිබිණි.

පහර දුන් පිරිසක් ඔහුව නවතා, තියුණු ආයුධවලින් පහර දී, මුදල් කොල්ලකා, ගිනි තබා ඇත. ප්‍රදේශවාසීන් ඔහුව බේරාගෙන රෝහලට ඇතුළත් කළ බව කියැවිනි. පසුව ඔහු ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලට මාරු කර යවන ලද අතර,  බරපතල තුවාල හේතුවෙන් ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ආයතනයට මාරු කර යැවිනි. ඔහුගේ ශරීරයෙන් සියයට 30 ක් පමණ පිළිස්සුම් තුවාල විය. පිහි ඇනුම් තුවාල ද ඒ අතරය.  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මිය ගියේය.

. ඔහුගේ මරණයට පෙර, කොකොන් ප්‍රහාරකයින් දෙදෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ. පසුව පොලිසිය තවත් සැකකරුවෙකු හඳුනා ගත්තේය. කොකොන්ගේ පියා විසින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නඩුවක් ගොනු කර තිබිණි.

සිද්ධියෙන් පසු, කුර්භංග බසාර් හි වෙළෙන්දෝ සහ තිලෝයි ගම්මානයේ පදිංචිකරුවන් විරෝධතා පැවැත්වූහ.  වගකිවයුත්තන් කඩිනමින් අත්අඩංගුවට ගෙන දඬුවම් කරන ලෙස ඉල්ලා සිටියහ. මෑත සතිවල රටේ විවිධ ප්‍රදේශවල වාර්තා වූ සුළුතර හින්දු  ප්‍රජාවේ සාමාජිකයින්  සම්බන්ධයෙන් ඇතැම් ඉන්දීය ප්‍රාන්තවල ඇතිවූ ගින්නට ඉන්ධන දැමූ  ආසන්නම සිද්ධිය කොකොන් දාස් ඝාතනය ය.

ඉන්දියාව උනුසුම් වීම

මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය මෙම ප්‍රචණ්ඩත්වය හෙළා දුටු නමුත් එයට සාධනීය මැදිහත්විමක් කළේ නැත.  මේ තත්ත්වය තුළ  ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය බංග්ලාදේශයේ සුළුතර හින්දු භක්තිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කළේය.

දැන් මේ තත්ත්වය ප්‍රකාශ වන්නේ ක්‍රීඩාවෙනි. ඉන්දියාව බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිකුල් ලෙස ඉවත් කරමින්  සිටී.   අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක  මුස්ටෆිසුර් රෙහෙමාන් මිලදී ගැනීමට සූදානම්ව සිටියේය. එහෙත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් ඉන්දීය රුපියල් කෝටි 9.2 ක් ඉදිරිපත් කරමින් බංග්ලාදේශ වේග පන්දු යවන්නා මිලදී ගන්නා ගත්තේය. වමතින් වේග පන්දු යවන මුස්ටෆිසුර් රෙහෙමාන්, 2016 සිටම අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩා කරන්නෙකි.

 මුස්ටෆිසුර් රෙහෙමාන්

එහෙත් ඉන්දියාවේ ඇතැම්  ආගමික නායකයින් මෙන්ම දේශපාලන අන්තවාදීන් ද කිසිම බංගලාදේශ ක්‍රීඩකයෙක් අයි.පී.එල් තරග ක්‍රීඩා කිරීමට  විරෝධය පළ කළහ.  බංග්ලාදේශ ක්‍රීඩකයා සංචිතයේ සිටියහොත්, අයි.පී,එල්. තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල සහභාගි වන තරග කඩාකප්පල් කර දමන බව ඔවුහු තර්ජනය කළහ.

මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන එකම බංග්ලාදේශ ක්‍රීඩකයා වූයේ  ද මුස්ටෆිසුර් රෙහෙමාන්ය.  මේ තත්ත්වය තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය වූයේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම මුස්ටෆිසුර් රෙහෙමාන්  සංචිතයෙන් මුදා හැර වෙනත් ක්‍රීඩකයෙක් ඒ සඳහා ආදේශ කළ යුතු බවය.

හැරෙන පමාවෙන් බංගලාදේශය සිය ප්‍රතිචාරය අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයට නිවේදනය කළේය. ඒ තවත් මාසයකින් පමණ  ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට නොයාමට බංග්ලාදේශය තීරණය කිරීමයි.

“දැනට පවතින තත්ත්වය සහ ඉන්දියාවේදී බංග්ලාදේශ කණ්ඩායමට ලැබිය හැකි ආරක්ෂාව මෙන්ම ආරක්ෂාව පිළිබඳ ක්‍රීඩකයන්ගේ මනස තුළ වර්ධනය වන කනස්සල්ල පිළිබඳ ගැඹුරු තක්සේරුවකින් පසුව, බංග්ලාදේශ රජයේත් උපදෙස් සැලකිල්ලට ගනිමින්, බංග්ලාදේශ ජාතික කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාවට නොයන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ,” බංග්ලාදේශ පාලක ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේය.

මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙන්ම ආසියානු ක්‍රිකට් සම්මේලනයේත් හිටපු සභාපතිවරයකු වන, ඉන්දීය ජාතික ජේ ෂා ය. ඔහුගේ තීරණය තවම පැහැදිලි නැත.  ඉන්දියාවට බංගලාදේශ කණ්ඩායම නොයන්නේ නම් විකල්පය බංගලාදේශය ක්‍රීඩා කරන සෑම තරගයක්ම ලංකාවේ ක්‍රීඩා කිරීමය.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ‘සී’ කාණ්ඩයෙන් තරග කරන්නේය. බංගලාදේශය සමග  එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නේපාලය සහ ඉතාලිය ‘සී’ කාණ්ඩයේ ඇතුළත්ය.

බංගලාදේශයේ  මුල්ම තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 07 වැනිදා ය.  තරගය පැවැත්වෙන්නට නියමිතව තිබුණේ කොල්කටා ක්‍රීඩාංගනයේ දී ය. එදින  බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබිණි. මේ ඇති වී තිබෙන වර්ධනයන් අනුව තරග කාලසටහන් වෙනස් වීමට නියමිතය. බොහෝ විට එකම දිනක දී ලෝක කුසලාන තරග  දෙකක් ලංකාවේ ක්‍රීඩා පිටි දෙකක පැවැත්වීමට සිදුවනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජොනී සහ ජොනී ගේ අනෙක් පුතා FCID අත් අඩංගුවට…

Next Post

මහ බැංකුව  පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු තවත් මාස 06කට අත් හිටුවයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.