පොහොට්ටුවේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පහර දීම නිසා පොහොට්ටුවේ තවත් නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ද වූ ගුණතිල කරාජපක්ෂ අද (03) සවස හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.
අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මෙම ගුටි කෙළිය සිදුවී ඇති බව වාර්තා වේ. ගැටුම බේරීම සඳහා මැදිහත් වුන පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ද ගුණතිලක රාජපක්ෂගේ ඇඟමත ඇදවැටී බිම පෙරලී ඇති බව ද ඇසින් දුටුවෝ කියති.
ගැටුමට හේතුව පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම තෙක් දිවෙන බව දැනගන්නට ඇත. මුලින් කී ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂය. යටිනුවර ආසනය සංවිධානය කිරීම පවරා ඇත්තේත් ගුණතිලක රාජපක්ෂටය. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මෙම ආසනයේ සංවිධාන කටයුතුවලට ඇඟිලි ගසා අවුල් කරන බවට වූ විවේචනයක් පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දි ගුණතිලක රාජපක්ෂ විසින් සිදුකර තිබේ. අද පත්තු වී ඇත්තේ එහි දිගුවකි.
මහින්දානන්ද අලුත්ගමගේ නුවර දිස්ත්‍රික්කයේ තමන්ගේ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග දැඩි වෛරී ගනුදෙනුවක් කරන මන්ත්‍රීවරයෙක් බව පොහොට්ටුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.