මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව අංක 01 මහේස්ත්රාත් යූ.ඒ.එස්.කේ, වික්රමරත්න පදිංචිව සිටින පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට රතිඤ්ඤා පත්තු කර දැමූ පිරිසක් සම්බන්ධව පොලොන්නරුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මහ පාරේ සිට නිල නිවසේ අඩි පහක් පමණ උස තාප්පයට ඉහළින් පත්තු කළ රතිඤ්ඤා විසි කළ පුද්ගලයින් පලා ගොස් ඇති බවත් සිද්ධිය ඊයේ (27) රාත්රී 8.10ට පමණ සිදුවී ඇති බවත් පොළොන්නරුව පොලිසිය කියයි.
රතිඤ්ඤා කරල පත්තු කර ගෙවත්තට විසිකරන විට මහේස්ත්රත්වරයාගේ මව සහ පියා නිල නිවසේ සිටි ඇත. ආරක්ෂාවට පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ද මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාවට ඒ වනවිට නිල නිවසේ සිට ඇත.
මහේස්ත්රාත්වරයෙකුගේ නිවසට රතිඤ්ඤා පත්තුකර දැමීමේ සිද්ධිය සුළු එකක් නොවන බවත්, ඉන් ප්රකාශිත තත්ත්වය ඉතාම බරපතල බවත් පොලිස් විමර්ශන අංශ පවසයි.
පොළොන්නරුව වැඩ බලන පොලිස් අධිකාරි ප්රගති ලක්මිණි ගේ උපදෙස් මත පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ගුණරත්න ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.







