පුරප්පාඩු වි තිබු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාගේ තනතුරේ වැඩ බැලීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරමින් සිටි එම්.ඒ.එස්.පී සූරියප්පෙරුම පත් කර තිබේ.
ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ධාරි නිලධාරිනියකි.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජී පී සපුතන්ත්‍රි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් වීමෙන් පසු 2024.09.24 දින සිට මෙම තනතුර පුරප්පාඩු වී තිබිණි.







