හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද දිනය පුරාම පාස්කු ප්රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් ට අදාළ ප්රතාශ ලබා දුන් බව වාර්තා වේ.
එම නිලධාරීන් අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා පදිංචි කැප්පෙටිපොළ මාවතේ නිවසට ගොස් ඇති අතර පාස්කු ප්රහාරය සම්බනධදයෙන් මෙතෙක් ප්රකාශිත දේ පිළිබඳව ඔහුගෙන් පැය 09කට ආසන් කාලයක් ප්රකාශ සටහන් කරගෙන ඇත.
මෙම පොලිස් ඒකකය පසුගියදා මෛත්රීපාල සිරිසේන මහතාට අද දින එම ඒකකය වෙත පැමිණෙන ලෙස දැන්වූවද ඔහු එම ප්රකාශය තම නිවසේදී ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණි. පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇත්තේ ඒ අනුවය.