පනහ දශකයේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ පීටර් රණසිංහ (88) ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත විය.
කොළඹ ශා.ජෝසප් විද්‍යාලයේ ආදි සිසුවකු වන පීටර් රණසිංහ 1951 සිට 1963 දක්වා එවකට සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිලේ නායකත්වය දැරීය.
ඔහුගේ සහෝදරයා වන ලක්ෂ්මන් රණසිංහද එම අවදියේම ජාතික පිල නියෝජනය කළේය.
පීටර් රණසිංහ මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකේ.






