ලංකාවේ තවමත් රහසිගතව ක්රියාත්මක වෙමින් ඇති අයි.එස්.අයි.එස්. සංවිධානයේ අප්රකට නායකයා ලෙස සැලකෙන තරුණයෙක් දීර්ඝ රහසිගත මෙහෙයුමකින් අනතුරුව කාත්තන්කුඩියේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශන වාර්තාව අද (30) ආරක්ෂක ප්රධානීන් වෙත ලබා දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
20 හැවිරිදි මෙම අන්තවාදී නායකයාගෙන් කළ දීර්ඝ ප්රශ්න කිරීමකින් අනතුරුව තවත් පළමු පෙළ ක්රියාකාරීන් දස දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මඩකලපුව විශේෂ පොලිස් ඒකකයට හැකි වී තිබේ.
මේ කෙරෙන විමර්ශන ඔස්සේ රට පුරා පැතිරී ගිය අයි.එස්. අන්තවාදී මත දරන 700කට ආසන්න පිරිසක් පිළිබඳව විශේෂ විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කරමින් ඇතැයි මේ සම්බන්ධ කෙරෙන විමර්ශනයේ ආරංචි මාර්ග හෙළි කරයි.