පසුගිය දිනවල රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය නමුත් එම මරණ සංඛ්‍යාව දිනකට 04 දක්වා අඩු කරගත හැකි වූ බවත් ඇතැම් දිනවල එය මරණ 02 දක්වා අඩු වූ බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව හා එක් වෙමිනි.
දශකයට මෙපිට අතීතයේ දී එකම රිය අනතුරක් හෝ වාර්තා නොවුන නත්තල් දිනය පසුගිය දා අප සැමරූ බව පොලිස්පතිවරයා පැවසුවේය. පොලිසියේ ගණනය අනුව ගෙවුන දින 16 තුළ අඩුම තරමින් රිය අනතුරු නිසා රටට අහිමි වීමට ගිය ජීවිත 35ක් බේරා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
රිය අනතුරුවලින් දිනකට 09කට ආසන්න කාලයක් පසුගිය වකවානුවේ මිය ගිය නමුත් යුද්ධය බිහිසුණු ලෙස පැවති වකවානුවේ දී දිනකට මියගියේ පුද්ගලයින් 4 – 5ක් වැනි ප්‍රමාණයක් බව පෙන්වා දුන් පොලිස්පතිවරයා කීවේ මේ මර්ධනය කරමින් ඇත්තේ නොපෙනෙන ත්රස්තවාදයක් බවය.
පොලිස්පතිවරයා සම්බන්ධවුන මාධ්‍ය සාකච්ඡාව පහත දැක්වේ.







