ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තීරණාත්මක යුගයක් සනිටුහන් කළ සනත් ජයසූරියගේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වය අදින් නිමාවට පත්වේ.
අද (28) පල්ලේකැලේදී පකිස්තානයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගය ඔහුගේ අවසන් නිල මෙහෙයුමය.
ලෝක කුසලානයට පෙර ගත් තීරණය මතම රැඳී සිටින ජයසූරිය සිය කොන්ත්‍රාත් කාලය ඉතිරිව තිබියදීම ඉල්ලා අස්වන බව ස්ථිර කර ඇත.
ඉන්දීය සංචාරය සඳහා 2024 කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත් වුන සනත් ජයසූරිය අනතුරව කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු ලෙස පත් වූයේය. ඔහුගේ පුහණුකාරිත්වය යටතේ මේ දක්වා තරග 74කදී ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබුණේ ජයග්‍රහණ 34කි.
තරග 38ක් පරාජය වී ඇති අතර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව නිමා වී තිබේ.







